මනම්පිටිය නිමල් ජයරත්න –
මේ දිනවල ඇද හැලෙන වර්ෂාපතනයත් සමඟ පහත්බිම් යටවීම හේතුවෙන් පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනඅලි ආහාර සොයා ගම්බිම්වලට පැමිණීම සුලභ ලක්ෂණයක් වී තිබේ.
පහත් බිම් ජලයෙන් යටවීමත් සමඟ ඇතැම් වනසතුන් මෙන්ම අලි ඇතුන් උස්බිම් කරා පැමිණීමද දැකගත හැකි අතර එලෙස පැමිණෙන වන අලි සහ වන සතුන් ජීවිත තර්ජනවලට මුහුණ දෙනවා සේම ගම්මානවල ජීවිත හා දේපළවලටත්, නිවාසවලටත් හානි කිරීම පිළිබඳව පොළොන්නරුවෙන් අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ.
එලෙස පැමිණ ඇත් පැටියකු පොලොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ දූපතක කොටු වී ඇති අයුරු 11 වෙනිදා උදෑසන අප කැමරා කාචයේ මෙලෙස සටහන් විය.








