ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බිඳ වැටුනු පරිගණක පද්ධතිය ඊයේ (08) රාත්‍රියේ යථා තත්ත්වයට පත් කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අද සිට නියමිත පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකරනු ඇත.
ඊයේ උදේ වරුවේ දත්ත පද්ධතියේ සිදුවූ බිඳ වැටීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයිනේ සියලුම උප කාර්යාලවල කටයුතු මුලුමනින්ම ඇණහිටියේය.
නව අයදුම්පත්‍ර භාර ගැනීමට ද නැවත දැනුම් දෙන තුරු නවතා දැමිනි.







