රාජ්ය මුදල් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිත්වයෙන් තමා ඉවත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්රියාත්මක වන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
තමන් රාජ්ය මුදල් සම්බන්ධ කාරණාවලදී ප්රශ්න අතරේම කිසිදු පාර්ශ්වයකට නොමැතිව සමබරව තීන්දු තීරණ ගැනීම හේතුවෙන් ඇතැමකුට තමන් පළිබෝධයකු සේ පෙනෙන්ට ඇති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
රාජ්ය මුදල් කාරක සභා සභාපතිවරයා සිය ට්විටර් ගිණුම හරහා තවදුරටත් සඳහන් කර සිටින්නේ රටේ යහපත සහ ජනතාවගේ යහපත වෙනුවෙන් මෙම සියලු චෝදනාවලට මුහුණ දීමට තමන් සූදානම් බවයි.
මේ වනවිට ඉතිහාසයේ පළමු වතාවට රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාව සංකීර්ණ ගැටලුකාරී අවස්ථා සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට තාක්ෂණික කණ්ඩායමක සහය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවද සඳහන් කරන ආචාර්ය හර්ෂ ද සිල්වා ඔවුන් කාරක සභා සාමාජිකයන්ට අදාළ උපදෙස් ලබා දෙනු ඇති බද සඳහන් කළේය.
එසේම මේ වනවිටත් පාර්ලිමේන්තුවේ රාජ්ය අයවැය පිළිබඳව කාර්යාලයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයිද බවද සඳහන් කරන මන්ත්රිවරයා මේ තත්ත්ව හේතුවෙන් තමන්ගෙන් ගැලවීම සඳහා පාර්ලිමේන්තු වරප්රසාද ප්රශ්නද මතු කර ඇතැයි සඳහන් කරයි.
තමන් පිළිබඳව පළවන වැරදි වාර්තා ප්රතික්සේප කරන ආචාර්ය හර්ෂ ද සිල්වා තමන් ව්යවසථාවේ 148 වගන්තිය ප්රකාරය රාජ්ය මුදල් කාරක සභාවේ කටයුතු නිසි ලෙස සිදු කරන බවට අවධාරණය කරයි.
An organised attempt to remove @HarshadeSilvaMP from @ParliamentLK CoPF is underway as I seem to have become a pest to them asking questions while at the same time approving what we should without political bias. I am ready to take them on; on behalf of people of #SriLanka
— Harsha de Silva (@HarshadeSilvaMP) November 6, 2022







