පාකිස්ථානය පදනම් කරගත් සටන්කාමී සංවිධානයක ප්‍රබල සාමාජිකයෙකු වන හෆීස් තලාහ් සයීඩ් අසාදු ලේඛණ ගත කිරීමට ඉන්දියා සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙන එන ලද යෝජනාව චීනය විසින් දින දෙකක් තුල අත්හිටුවීමට චීනය පියවර ගෙන තිබේ.
මෙලෙස අසාදු ලේඛණ ගත කිරීමට උත්සහ කළ සටන්කාමීයා පාකිස්ථානයේ පදනම් කරගෙන ප්‍රබල ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ වූ ලෂ්කාර්-ඊ-ටයිබා ප්‍රධානී හෆීස් සයීඩ්ගේ පුත්‍රයා වීමද විශේෂත්වයකි.
මේවන විට 46 හැවිරිදි වියේ පසුවන හෆීස් තල්හා සයීඩ් 26/11 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු හෆීස් සයීඩ්ගේ පුත්‍රයා වන අතර එල්ඊටී සංවිධානයේ ප්‍රධාන නායකයෙකි.
ඒ අනුව මේ වසරේ අප්‍රේල් මාසයේදී ඔහු ඉන්දීය රජය විසින් ත්‍රස්තවාදියෙකු ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1267 අල් කයිඩා සම්බාධක කමිටුව යටතේ හෆීස් තලාහ් සයීඩ් ඇතුළත් කිරීමේ යෝජනාව චීනය විසින් අත්හිටුවා ඇති බව මේවන විට දැනගන්නට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හෆීස් තල්හා සයීඩ් ලෂ්කාර්-ඊ-තයිබා (එල්ඊටී) සංවිධානයට නව සාමාජිකයින් බඳවා ගැනීම්, අරමුදල් එකතු කිරීම සහ ප්‍රහාර සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇති බවයි.
ඔහු පාකිස්ථානය පුරා විවිධ පිහිටි ලෂ්කාර්-ඊ-තයිබා මධ්‍යස්ථාන වෙතද ක්‍රියාකාරීව ගොස් ඇති අතර, ඉන්දියාව, ඊශ්‍රායලය, ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල ඉන්දීයාවට එරෙහිව ජිහාද් ප්‍රචාරය කරන ඔහුගේ දේශන අතරතුරදී එහි සඳහන් කර තිබුණු බවටද අනාවරණය වේ.
හෆීස් තල්හා සයීඩ් ලෂ්කාර්-ඊ-තයිබා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන අතර ත්‍රස්තවාදී සංවිධානයේ පූජක අංශයේ ප්‍රධානියා ද වේ.







