තුෂාරී කළුබෝවිල –
බෙංගාල බොක්ක ආශ්‍රිත ව වර්ධනය වෙමින් පවතින වායුගෝලීය පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර්100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.







