ශ්‍රියානි විජේසිංහ –
ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ දරුවන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්කළ කැස්සට බොන පැණිය මෙරටට නීත්‍යානුකූලව ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බැවින් ඒ පිලිබඳව අනියත බියක් ඇති කර නොගන්නැයි ජාතික ඖෂධ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
මෙම ඖෂධ නිෂ්පාදනය කරන සමාගම මෙරට ඖෂධ අධිකාරිය තුළ ලියාපදිංචි සමාගමක් නොවන බැවින් එම සමාගම නිෂ්පාදනය කරනුලබන කිසිදු ඖෂධයක් මෙරටට ගෙන ඒමේ හැකියක් නොමැති බව අධිකාරියේ ප්‍රකාශයෙක් සඳහන් කළේය.
කෙසේ නමුත් නීත්‍යානුකූල නොවන අන්දමින් මෙම සමාගමේ නිෂ්පාදිත පැණිය මෙරටට පැමිණ තිබෙන්නේ නම් ඒවා අලෙවි කිරීම වහාම අත්හිටුවන ලෙස මේ වන විටත් සියලුම පෞද්ගලික ඔසුසැල්වෙත දැනුම් දුන් බව එම ප්‍රකාශකයා පැවසීය.
මේ අතර පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය සඳහන් කරනුයේ අදාල පැණිය ෆාමසිවල නොමැතිබවය.







