ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකත් අබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ. නෙදර්ලන්ත තරගය ජයග්රහණයෙන් පසු අද මාධ්‍ය හමුවේ ප්‍රකාශක් කරමින් කුසල් මෙන්ඩිස් කීවේ පැතුම් නිශ්ශංකගේ ඉඟටිය ප්‍රදේශයේ යම් අපහසුවක් ඇති වී තිබෙන බවය.
මේ වනවිට පැතුම් නිස්සංක ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා ඇත.
අද (20) අවසන් වූ ශ්‍රී ලංකා නෙදර්ලනත් තරගයේ දී පන්දු රැකීම සඳහා පැතුම් නිශ්ශංක පැමිණියේ නැත.
එක්සත් අරාබි එමිර් රාජ්‍ය තරගයේ දී දුෂ්මන්ත චමීර පාදයේ ආබාධයක් සමග තරගාවලියෙන් ඉවත් විය. ඔහු වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවනු ලැබුවේය.
එම තරගයේ දීම ධනුෂ්ක ගුණතිලකත් ආබාධයකට ලක්වූයේය. ඔහු ඉවත්කර අශේන් බණ්ඩාර සංචිතයට කැඳෙව්වේය.
මුල්ම තරගයට පෙර ආබාධයට ලක් වූ ඩිල්ශාන් මධුසංක තරගාවලියෙන් ඉවත් විය. ඔහු වෙනුවට ප්‍රමෝද් ඩිල්ෂාන් ලියනගම කැඳෙව්වේය. ප්‍රමෝද් ඩිල්ෂාන් ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරගයේ දී මස්පිඩු ආබාධයක් ගැන දන්වා තිබිණි.
දැන් පැතුම් නිශ්ශංක ආබාධයට ලක් වී ඇත.
දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රීකයින් ආබාධයට ලක්වීමට ගීලොන්ග් ක්‍රීඩාංගණයේ පිටියේ තත්ත්වය හේතු විය හැකි බව ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ප්‍රකාශ කළේය.
“මෙහි තණකොළ ඉතා මෘදුයි… අපි දුවද්දී ඉතා කල්පනාකාරී වුණා,” මහේෂ් තීක්ෂණ අද නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්රහණයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී කීවේය.







