ශ්‍රියානි විජේසිංහ –
කොළඹ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර සමග තමා ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් එම ව්‍යාපාරය පාඩු ලැබූ බැවින් තමාගේ v8 රථය අලෙවි කරන මෙන් තමා ඉල්ලා සිටි බවටත් ඇය කරන ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය යැයි ලංකාසර කළ විමසීමක දී අභයාරාමාධි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කලහ.
ආරම්භ කළ ව්‍යාපාරය කුමක්ද යන්න පිලිබඳ හෙළි කරන්නැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ නාගරික මන්ත්‍රීවරියට අභියෝග කර සිටිති. එමෙන්ම ප්‍රශ්නත V8 රථය තමන්ගේ නමට නැති බවත් තමන්ගේ නමට නැති වාහනයක් තමන් විසින් විකිණීම සඳහා ඇයට බලය දෙන්නේ කෙසේද යන්නත් උන්වහන්සේ ප්‍රශ්න කරති.
වසර කීපයක පෙර එක්තරා ජාතික පුවත්පතක් පාඩු ලැබු බැවින් එහි මාධ්‍යවේදීන් කීපදෙනෙකු තමන් වෙත පැමිණ පුවත්පත් පවත්වානෙ යාම සඳහා ආයෝජකයෙක් සොයා දෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව තමා නාගරික මන්ත්‍රීවරිය හඳුන්වා දුන් නමුත් ඇය සමග කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන නොගිය බව ද ආනන්ද හිමියෝ කීහ.
අනතුරුව ඇය විසින් පුවත්පත පවත්වාගෙන ගියබවත් එය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට කුලී නොගෙවූ නිසා එම ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට සිදු වූ බැවින් සේවකයින් ගැන අනුකම්පා කර තමා අභයාරාම භූමියේ ගොඩනැගිල්ලක් ලබා දුන් බවත් ඒ සඳහා කිසිදු මුදලක් අය නොකළ බවත් උන් වහන්සේ පැවසූහ.
පන්සල තුළ ඇය විසින් සාදා ඇතැයි කියන දේවාල ඇත්තේ කොහේදැයි තමා නොදන්නා බවත් එක් දේවාලයක් සාදා ගැනීමට පරිත්‍යාගශීලීන් සිය ප්‍රදානයන් කළ බවත් ඒ අතර ඇයත් සිටින බැවින් ඇයගේ නමද පුවරුවේ සටහන් කළ බවත් ආනන්ද හිමියෝ පැවසූහ.
කුලපති ආනන්ද හිමියන් සමග බිස්නස් එකක් පටන් ගත් නාගරික මන්ත්‍රී V8 රථය විකිණූ හැටි කියයි!







