පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් දැඩි බරපතල දේශාපාලන වෝදනාවක් එරට දේශපාලඥයින් වෙත පසුගියදා එල්ල කරනු ලැබීය.
ඒ අනුව හිටපු අග්‍රාමත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වත්මන පාකිස්තාන පාලකයින් විසින් ජාතික සංහිඳියා ආඥාපනත යොදාගෙන් තමන් වෙත දේශපාලඥයින්ගේ සහය ලබාගැනිම සිදුකරන බවයි. මේ හේතුවෙන් ජාතික සංහිඳියා ආඥාපනත හේතුවෙන් වර්තමාන පාලනයට සහය දක්වන සියලුමදෙනා දේශ ද්‍රෝහීන් බවයි.
එබැවින් තමන් සහ තම පක්ෂය විසින් පාකිස්ථානය තුල සැබෑ ප්රජාතන්ත්රවාදය ස්ථාපති කිරීමට කැපවී කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.
මේ අතර ඉම්රාන් ඛාන් විසින් එරට මැතිවරණ කොමසාරිස්වරයාටද දැඩි චෝදනාවක් එල්ල කර ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කොමසාරිස්වරයා විසින් වර්ථමාන පාලනයට හිතවාදීව අතුරු මැතිවරණයන් පැවැත්වීමට කටයුතු කරනු ලැබ ඇති බවත්ය.
ඒ අනුව හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් පෙන්වා දී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් එළැඹෙන අතුරු මැතිවරණයේදී ඉතා දූෂිතක කටයුතු කරනු ඇති බවත් ව්‍යාජ ඡන්ද 10,000 ත් 15,000 ත් අතර ප්‍රමාණයක් වර්ථමාන පාලනය පක්ෂයට ලැබෙනු ඇති බවයි.
කෙසේ වෙතත් තමන් සෑම විටම ඉතා ස්වාධීනව මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ බවත් තම පාලන කාලය තුලදී දූෂණය මර්ධනය කිරීමට කැපවී කටයුතු කළ බවද හෙතෙම පෙන්වා දී ඇත. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිම ආකාරයකින් හෝ වංචා දූෂණ සිදු නොකළ බැවින් හිටපු අග්‍රාමත්‍යවරයා මෙන් ලන්ඩනය වෙත පලා යාමට සිදු නොවූ බවයි.







