කාන්තාවන් අත්අඩංගුවට ගැනීමේ දී යම් අවස්ථාවල පොලිස් නිලධාරීන් විසින් මාංචු යෙදීම සිදුකරන නමුත් බන්ධනාගාරගත කර සිටින කාන්තා රැඳවියන් බන්ධනාගාරයෙන් පිට වෙනත් තැනක් වෙත ආරක්ෂණය කිරීමේ දී මාංචු යෙදීමක් සිදුකරන්නේ නැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
කෝටිපති ව්‍යාපාරිකයන්ගේ බදු නොගෙවූ කළු සල්ලි යොදාගෙන ජවාරම් කර බිලියන ගණනින් වංචා කළ බවට චෝදනා ලැබ දැනට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රක්ෂණ භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි නැමැති සැකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථානීය පරීක්ෂා සඳහා රැගෙන යෑමේ දී මාංචු නොදැමීම පිළිබඳ සමාජය තුළ ඇති වූ ප්‍රශ්නකිරීමට පිළිතුරු දෙමින් බන්ධනාගාර මූලස්ථානය මේ බව නිවේදනය කරයි.
බන්ධනාගාර ආඥාපනතේ 89-1 වගන්තිය හා නිත්‍ය නියෝග 61-1 වගන්ති ප්‍රකාරව කාන්තා රැඳවියන් බන්ධනාගාරයේ සිට අධිකරණයට හෝ වෙනත් ස්ථාන වෙත ආරක්ෂණය කිරීමේ දී මාංචු යොදා රැගෙන යන ලෙස නියෝග ලබා දී නැති බව බන්ධනාගාර මූලස්ථානය කියයි.
බන්ධනාගාර මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








