ලෝකයේ සංචාරය කිරීමට වඩාත් ආරක්ෂිත රටවල් 13 අතරට ලංකාවත් අයිති බව www.worldpackers.com වෙබ් අඩවිය පවසයි.
විශේෂයෙන්ම තනිව සංචාරය කරන කාන්තාවකට පවා බියකින් තොරව මේ නම් කරන ලද රටවල්වල සංචාරය කළ හැකි බව එම වෙබ් අඩවියේ සංචාරක ලේඛිකාවක වන ලෝරන් පවසා ඇත.
ශ්රී ලංකාවේ බහුතරයක් බෞද්ධ වීම හේතුවෙන් ඔවුන්ගේ හැසිරීම ඉතා සන්සුන් සේම අමුත්තන් ආදරයෙන් පිළිගන්නා සුළු නිසා එරට සංචාරය කිරීම ආරක්ෂිත බව ලෝරන් පවසයි.
“ශ්රී ලංකාවේ සංචාරය කරන විට සීගිරිය යනු නැරඹිය යුතුම ස්ථානයක්. එම ස්ථානය ඉපැරණි මාළිගාවක නටඹුන් දැයි පුදුම හිතෙනවා. ඒ විතරක් නෙමෙයි අදහන්න බැරි විදියේ ගමනාන්ත් කිහිපයක් ලංකාවේ තියෙනවා.. ඒවා මොනවද කියලා ඔයාලාම හොයාගන්න එකයි හොඳ..”
ඇය සඳහන් කර තිබේ.
ලෝකයේ ආරක්ෂිතම සංචාරක ගමනාන්නත ලැයිස්තුවේ මුල්තැන ගෙන ඇත්තේ අයිස්ලන්තයයි. අඩුම පරිසර දූෂණයක් ඇති, සුන්දර කඳු මුදුන් සහිත සේම ඉතාමත් මිත්රශීලි මිනිසුන් සිටින රටක් ලෙස එරට සංචාරය කළ යුතුම බව ලෝරන්ගේ අදහසයි.
අයිස්ලන්තයට හා ශ්රී ලංකාවට අමතරව ආරක්ෂිතම රටවල් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ ‘ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නවසීලන්තය, කැනඩාව, ස්පාඤ්ඤය, පෘතුගාලය, අයර්ලන්තය, ජපානය, පින්ලන්තය, ඔස්ට්රියාව හා එක්සත් රාජධානියේ ග්රාමීය ප්රදේශ යි.







