කීර්ති ප්‍රනාන්දු
කැලණි ගඟ සහ අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි ගම්පහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ අජිත් නිශාන්ත පවසයි.
කැලණි ගඟ පිටාර ගැලීමෙන් බියගම නුවර පාර පට්ටිවිල ජල පොම්පාගාරය අසලින් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා ඇති බවත් කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් ජලය යට වී ඇති බවත් ඔහු කියා සිටී .
එමෙන්ම මල්වාන කොළඹ මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති අතර බැලුම් මහර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දක්වා දිවෙන නව නුවර පාර සියඹලාපේ හන්දිය ප්‍රදේශයෙන් ද ජලය යට වී ඇතැයි අජිත් නිශාන්ත පවසයි .
ඊට අමතරව අත්තනගළු ඔය පිටාර ගැලීමෙන් ගම්පහ ජාඇල මාර්ගයේ කිරිඳිවිට ප්‍රදේශය ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයිද කියා සිටී .
ඒ අනුව මහජනතාව සහ රථ වාහන රියදුරන් කල්පනාකාරී වන ලෙසත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි .







