ශ්‍රියානි විජේසිංහ –
රජය මගින් අධික ලෙස බදු පැනවීම හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සිටින පිරිස් රට හැර යාම ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක සභාවේ සභාපති දමිත් හෙට්ටිහේවා සඳහන් කරයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ මුදල් උපයන විශාල පිරිසක් සිටින නමුත් පාඩුලබන ආයතනයන් කෙරෙහි තම මුදල් යෙදවීමට කැමැත්තක් නොමැති බවද හෙතෙම පෙන්වාදේ.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට ඩොලර් බිලියන පහක් ගෙනඒමට හැකියාවක් ඇති බවත් එම වැඩපිළිවෙළ සඳහා රජයේ සහයෝගය අවශ්‍ය බවත් හෙට්ටිහේවා සඳහන් කරයි.
තමන්ගෙන් ලබන බදු ආදායම රටේ අධ්‍යාපනයට සහ නවෝත්පාදන වැඩසටහන් සඳහා යොදවන ලෙස ද ඔවුන් ඉල්ලා ඇතැයි ද පැවසීය.
බදුගෙවීමට තමන්ට යම් කිසි කාලයක් ලබා දෙන්නේ නම් සියයට 30ක බදු ප්‍රතිශතයක් ගෙවීම ගැටලුවක් නොමැති බව සිය සාමාජිකයින්ගේ මතය යැයි ද හෙට්ටිගේ සඳහන් කළේය.







