ඊයේ (12 ) අහුංගල්ල නගරයේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර කුලී ඝාතක වෙඩික්කරු අද (13) එස්.ටී.එෆ් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
අද (13) පෙරවරුවේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට තිබිණි.
වාර්තාවන පරිදි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ආයුධ සොයන්නට ඔහුව රැගෙනවිත් තිබේ. විශේෂ කාර්ය බලකාය පවසන ආකාරයට අත්අඩංගුවට ගත් සැකකරු රැගෙනවිත් තිබුණේ අපරාධය සඳහා යොදාගත් ගිනිඅවිය සොයාගැනීමටය.
ඒ අවස්ථාවේ දී සැකකරු සඟවා තිබූ ආයුධයෙන් එස්.ටී.එෆ් නිලධාරීන්ට වෙඩි තැබූ බවත් එස්.ටී.එෆ් නාලධාරීන් එල්ල කළ ප්රති වෙඩි ප්රහාරයෙන් සැකකරු මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.
අහුංගල්ල නගරයේ හෝටලයක් ඉදිරිපිටදී ඊයේ මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි. මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරු ත්රීරෝද රථ ගාලක් අසල සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකරන ආකාරයත්, වෙඩිවැදීමත් සමග තුවාලකරු වෙඩික්කරු සමග ප්රධාන පාරේ විනාඩි කිහිපයක් පොරබදින අකාරයත්, ඔහුගේ ග්රහණයෙන් මිදී වෙඩික්කරු පළායන ආකාරයත් අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.
වෙඩි තැබීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණි.
එම සිද්ධියේ ප්රධාන සැකකරු අද එස්.ටී.එෆ්. වෙඩි පහරට ලක් වී මියගොස් තිබිණි.







