ඊයේ (09) ගාලුමුවදොර විරෝධතාවයක යෙදෙමින් සිටියදී අත්අඩංගුවට ගත් සිවුදෙනා අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
අරගල කරුවන් සිහිකිරීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් විරෝධතාවයක යෙදුන මෙම පිරිස අරගලකරුවන් සිහි කරමින් ඉටිපන්දම් දැල්වීමක් සංවිධානය කර තිබිණි.
එම විරෝධතාවය පවත්වන ස්ථානයෙන් මෙම පිරිස ඉවත් කීරීමට පොලිිසිය විසින් උත්සාහ කිරීමත් සමග ඇතිවූ උණුසුම් තත්ත්වය අතර මෙම පුද්ගලයින් හතරදෙනා අත්අඩංගුවට ගැනුණි.







