දින හතරක් තිස්සේ අතුරුදන්ව සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවා සිටින ස්ථානය පිළිබඳව ඔහු භාවිත කරන ජංගම දුරකතනය ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර තිබුනත් ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ ඔහු සිටින ඉසව්ව පිළිබඳව සොයා ගැනීම පොලීසියේ අරමුණ වී ඇත.
ඒ සඳහා අධිකරණ නියෝගයක් ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. පුලස්ති ප්‍රමුදිත් පෙරේරා සිසුවා පසුගිය 02 දින රාත්‍රියේ සිට අතුරුදන්ව සිටින අතර ඔහු ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.







