ලලිත් චාමින්ද –
දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් තක්සේරුකරුවන් විසින් ඉඩම් හා දේපල තක්සේරුව සඳහා මත ප්‍රකාශන නිකුත් කිරිමේ දී පුද්ගලික අභිමතය පරිදි කටයුතු කිරීම නිසා නොයෙකුත් අක්රමිකතාවයන් සිදුවන බවට තමන්ට පැමිණිලි ලැබි ඇති බවත් ඉදිරියේ දී එවැනි නිලධාරින්ට එරෙහිව විමර්ශන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ පවසයි.
ඉඩම් හා දේපලවල තක්සේරුව සම්බන්ධයෙන් මත ප්‍රකාශ කිරිමේ දී අධිතක්සේරුවක් කොට තක්සේරු වටිනාකම අඩුකරදීම සදහා කොමිස් මුදල් ඉල්ලන බවට ද ජනතාව චෝදනා කරති.
ඉඩම් හා දේපල තක්සේරුව සඳහා මත ප්‍රකාශන නිකුත් කිරිමේ දි පළාත් ආදායම් දෙපාර්තමේන්තුව තුළ විධිමත් පදනමක් හෝ විධිමත් නිර්නායක පිහිටුවා ගැනීමක් මෙතෙක් සිදුකර නොමැති බවට විගණන විමසුම්වලින් ද අනාවරණය කොට ඇත.
එබැවින් එක් එක් තක්සේරුකරුවන් එක් එක් ආකාරයට තම අභිමතය පරිදි කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව තක්සේරු කිරීම් සිදුකර ඇති අවස්ථාව අනාවරණය වි ඇත.
නිලධාරින්ගේ පුද්ගලික අභිමතය පරිදි ක්‍රියාකිරීම නිසා විවිධ අක්‍රමිකතා සිදුවීමට ඇති අවස්ථා වැඩිවන අතර මෙම තත්වය තුළ ආකාර කිහිපයකින් දකුණු පළාතේ ජනතාව පිඩාවට පත්වන බවද විගණන විමසුම්වල සඳහන් කොට ඇත.
මත ප්‍රකාශන නිකුත් කිරීමේ දී දිරිදීමනාවක් ද ගෙවනු ලබන අතර මත ප්‍රකාශන වටිනාකම දිරිදිමනා ගෙවීමට අදාලකරගත නොහැකි බව විගණනය මගින් දිගින් දිගටම පෙන්වා දි ඇත. පසුව 2019 වර්ෂයේ දි දකුණු පළාත් මුදල් ප්රඥප්තියට කරණු ලැබු සංශෝධනයකදි මත ප්‍රකාශන වටිනාකමෙන් සියයට 12.5 දිරිදිමනා ගෙවිමට අදාලකරගැනීමට සංශෝධනයක් ඉදිරිපත් කර ඇත.
කෙසේවුවද මෙකී කරුණු සලකා බැලීමේ දී මත ප්‍රකාශන ලබාදීම සඳහා දිරිදිමනා ගෙවීම සුදුසු නොවන බව නිරික්ෂණය වන අතර එය සේවාවක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට සුදුසු වැඩපිළිවෙළක් සකස්කරන ලෙස නිර්දේශකොට ඇත.
අයකරනු ලබන ආදායමින් සියයට 12.5ක් එනම් ආදයමින් අටෙන් එකක් දිරි දීමාන ලෙස නිලධාරින්ට ගෙවීම කිසිසේත්ම එකඟවිය නොහැකිබව විගණනය මගින් සඳහන් කොට ඇත.
එමෙන්ම පළාත් අදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සියයට සියයක් සම්පුරණ නොකළ අවස්ථාවලදී දිරි දීමනා ගෙවීමට කටයුතුකර ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
රටෙහි පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ වැටුපට අමතරව වාර්ෂිකව අමතර මාස 09 කට වැටුපත් දිරිදිමනා වශයෙන් ගෙවිම පිළිබද විගණනයට එකඟවිය නොහැකි බව 2021 වර්ෂයේ මුල් මාස හය සඳහා වු විගණන විමසුමේ පෙන්වා දි ඇත.







