මෙතෙක් සියලුම වයස් සීමාවල පාසල් තරග තොරතුරු සජීවී ලෙස පන්දුවෙන් පන්දුවට ලබා දුන් ශ්‍රී ලංකා ලකුණු සටහන් කරුවන්ගේ වෙබ් අඩවියට කිසිදු පාසල් තරග තොරතුරක් ඇතුළත් නොකරන ලෙසට නියෝගයක් පාසල් ක්‍රිකට් සංගමය විසින් නිකුත් කර ඇත.
එසේ දැමුවහොත් නීති මගින් කටයුතු කරන බවද පාසල් සංගමයේ සභාපති නාලන්දා විදුහල්පති තිලක් වාත්තුහේවා ලිපියක් මගින් ඔවුන්ට දන්වා ඇත.
ක්‍රීඩකයන්ගේ දෙමව්පියන්, පාසල් සිසුන් හා ආදි සිසුන් මෙන්ම ජනමාධ්‍ය පවා පාසල් තරග තොරතුරු නිවැරදිව ලබා ගත්තේ මෙම වෙබ් අඩවිය මගිනි. (slcscorers.com )
මෙම සේවාව ලකුණු සටහන් කරුවන්ගේ සංගමය මෙතෙක් සිදුකර ඇත්තේ නොමිලයේ හුදෙක් සේවයක් පරිදි වීම විශේෂත්වයකි.
මේ අතර පාසල් ක්‍රිකට් සංගමය මැදිහත් වී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 15 න් පහළ දිස්ත්‍රික් තරගාවලියේ වයස් සීමාවද වසරකින් අඩු කිරීම නිසා මෙතෙක් එම තේරීම් සිදු කළ දිස්ත්‍රික් පුහුණුකරුවන් හා දිස්ත්‍රික් සංගම් බලවත් අපහසුතාවට පත්ව ඇත.
පාසල් සංගමයේ සභාපති වරයාගේ පුතුන් දෙදෙනෙක් මෙවර අවුරුදු 15 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ඔහුගේම පාසල් කණ්ඩායමේ ක්‍රීඩා කර තිබීමද විශේෂත්වයකි.







