මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ ග්‍රෑම් 3,000 ක් නීති විරෝධී ලෙස ගබඩාකර තබා ගැනීමේ වරදට පැළියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෑලියගොඩ නව නුගේ පාර පිහිටි ගබඩාවකින් මෙම කසල සීනි තොගය සොයාගෙන ඇත.
මෙම සීනි තොගය ගබඩා කරගෙන සිටි වයස අවුරුදු 41,48 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.
සීනි ගබඩාකර තිබු ස්ථානය ඉදිරි අධිකරණ කටයුතු සඳහා මුද්‍රා තබා ඇත.







