බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ජනගහණය මිලයන 22 යි.. සමාගම් ලක්ෂයකට වැඩියි… 2021 දි ආදායම් බදු ගෙවලා ඇත්තේ 665යි !

by editor
සැප්තැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මිලියන 22 ක් ජනතාව ජීවත් වන රටේ 2021 වසරේ ආදායම් බදු ගෙවා ඇති සම්පූර්ණ පුද්ගලයන් සහ සමාගම් ප්‍රමාණය 665ක්   බවත් එම වසරේ රුපියල් ලක්ෂ 50කට වඩා ආදායම් බදු ගෙවා ඇත්තේ පුද්ගලයන් 137ක් පමණක් බවත් පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (22)  පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. 

2022 වසර වනවිට මෙරට මිලියන 22ක් පමණ ජනතාව අතරින්  ආදායම් බදු ලිපිගොනු විවෘත තොට ඇත්තේ 2,92,325ක් පමණක් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් රුපියල් බිලියන 4000ක් පමණ මුදලක් ආදායම බදු ලෙස එකතු කර ගැනීමේ හැකියාවක් පවතින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඊයේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අදායම් වැඩි කර ගැනීම් යෝජනා පිළිබඳව සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා වැට් බද්ද නිසි ලෙස එකතු කරන්නේ නම් එයින් පමණක් රුපියල් බිලියන 1000ක ආදායමක්  අය කර ගැනීමේ හැකියාව තිබෙන බව පෙන්වා දුන්නේය.

2021 වසරේ දී  1,05,000 සමාගම්වලින් බදු ගෙවා  ඇත්තේ 15,069ක් බවත් එම බදු ආදායමෙන්  සියයට 82ක් බදු ගෙවා  ඇත්තේ සමාගම් 343ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ ද කීවේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“වැට් බද්ද සඳහා ලියාපදිංචි අංක ලබා ගත් ආයතන  9070ක් මේ රටේ තිබෙනවා. ඔවුන් අතරින් 3020ක් ලිපි ගොනු විවෘත කර තිබෙනවා. මේ ලිපිගොනු විවෘත කළ අය අතරින් 2021 වසරේ වැට් බද්ද ගෙවා ඇත්තේ  185යි. “

“ආදායම් බදු දෙපාර්තමේන්තුවට රටේ  සියලු සමාගම් සහ පුද්ගලයන් අතරින්  665ක් පමණයි දැනෙන විදිහට ආදායම් බදු ගෙවල තිබෙන්නේ. ප්‍රාග්ධන ඉපයීම් බද්ද පිළබඳව සැලකුවාම මම එක උදාහරණයක් දෙන්නම්. “

“ගාල්ලේ කොටුවේ ඉඩමක් විකුණපු එකක ලිපිගොනුවක් මේ. මේ පුද්ගලයා මෙම ඉඩම මිලදී ගන්නේ මිලියන 250කට. එය විකුණන්නේ මිලියන 2000ට. ලාබය මිලියන 1750යි. එච්චර ලාබයක් ගත් ඔහු ආදායම් බද්ද ලෙස ගෙවන්නේ ලක්ෂ 20යි.“

“මේ තත්ත්වය නිසා ප්‍රාග්ධන ඉපයීම් බද්දෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට උපයා ගතහැකිව ඇත්තේ  මිලියන 357යි. ප්‍රාග්ධන බද්දෙන් ට්‍රිලියනයකට වැඩි අදායමක් උපයන්න පුළුවන්. “

“ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ බදු වර්ග 10ක් තිබෙනවා. පනත් පහක් තිබෙනවා එකක්වත් හරියට කළමනාකරණය කරල කටයුතු කරනවද කියල  ප්‍රශ්නයක් තිබෙනවා.“

“ආදයම් බදු දොර්තමේන්තුවේ නීතියක් තිබෙනවා විදේශ ගත ශ්‍රමිකයකුට විදේශවල රැකියා කරන කාලය තුළ ආදායම් බදු පනත අනුව රැකියා කරන කාලය තුළ   බැංකුවලට මුදල් ප්‍රේෂණය කළ යුතුයි. නමුත් එය සිදුවන්නේ නෑ.“

“මෙම විදේශගත ශ්‍රමිකයන් නිසි ලෙස මුදල් එවනවනම් තවත්  ඩොලර් මිලියන 300කට වැඩිය සොයා ගන්න පුළුවන්. “ යයි ද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රවීණ ගත්කතුවර ජයකොඩි සෙනවිරතන්යෝ දිවි සැරියෙන් සමු ගනිති!

Next Post

අයි.එම්.එෆ් ගිවිසුම ගැන පාර්ලිමේන්තුව දැනුම්වත් කරන අයුරු ජනපති දැන්නුවා – කතානායක

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.