කැලණිය, පට්ටිය හන්දිය ප්රදේශයේ දී ඊයේ රාත්රියේ ඝාතනය කර ඇත්තේ වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි මොහොමඩ් අරීෆ් මොහොමඩ් හුසේන් නැමැති පාතාලයේ ඝාතන 03ක් සම්බන්ධව චෝදනා එල්ල වී සිටින පුද්ගලයෙක් බව පොලිස් විමර්ශනවල දී හෙළි වී තිබේ.
පාතාල කල්ලි සාමාජිකයින් වන තෙල්බාලා ඝාතනය, තවත් පාතාල සමාජිකයෙක් වූ ආනමාළු රංග ඝාතනය සහ වත්තල ප්රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිට ඇත.
ඝාතනයවන අවස්ථාව වනවිට ඔහුට සම්බන්ධ නඩු තුන අධිකරණයේ විභාග වෙමින් තිබී ඇත.
ස්කූටි බයිසිකලයකින් පැමිණ පිස්තෝලයකින් වෙඩි තබා මෙම පුද්ගලයා ඝාතනය කර තිබුනේ විදුලිය විසන්ධි වී තිබුණු අවස්තාවකය.
ඝාතනය වූ පුද්ගලයාගේ දුරකථනයට අවසන් වරට පැමිණි දුරකථන ඇමතුම ඔස්සේ සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විමර්ශන අංශ පවසයි.
විමර්ශන පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරයි.







