පෙන්ටගනය විසින් එරට ආරක්ෂ අංශ විසින් ඇණවුම් කළ ලොව ප්රබලතම ප්‍රහාරක ගුවන් යානයක් වන එෆ් 35 ගුවන් යානා වල නවතම ගුවන් යානා නීෂ්පාදකයින්ගෙන් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
පෙන්ටගනය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ අලුත් ඇනවුමට අනුව නිපදවූ ගුවන් යානා වල අභ්‍යන්තර චුම්භක කොටස් නිපදවීමට ඇමරිකානු රජයේ අනුමතිය හිමිව නොමැති චීන අමුද්‍රව්‍ය යොදාගෙන ඇති බවට අනාවරණය වීමත් සමඟයි.
ඇමරිකානු රජය විසින් ඉකුත් අගෝස්තු මාසයේදී සිදු කළ විශේෂ විමර්ෂණයකින් අනාවරණය වී ඇත්තේ අදාල ප්‍රහාරක ගුවන් යානා වල එන්ජිමේ කොටස් නිපදවීමේදී යොදාගෙන ඇති ලෝහ ඇමරිකානු ප්‍රසම්පාදන නීති උල්ලංගණය කරමින් චීන අමුද්‍රව්‍ය යොදාගෙන ඇති බවයි.
ඒ අනුව පොන්ටගන් ප්‍රකාශකවරයා පවසා ඇත්තේ මෙම අමුද්‍රව්‍ය ඇමරිකානු ප්‍රසම්පාදනය නීතීන්ට අනුකූලව යොදාගෙන ඇති බැවින් ගුවන් යානා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අමුද්‍රව්‍ය ගුවන්යානා වලට හෝ එහි ක්‍රියාකාරිත්වයට බලපෑමක් නොකරන බවද පෙන්ටගනය පෙන්වා දී ඇත.
එෆ් 35 යනු ලොවු ප්රබලතම ප්‍රහාරක ගුවන් යානයකි. එය පස්වන යුගයට අයත් සතුරු රේඩාර් පද්ධති මඟහැර සතුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි ගුවන්යානයකි. මෙම ගුවන්යානා ප්‍රධාන මාදිලි තුනකින් නිකුත්වේ. එහිදී එක් මාදියක් ඇමරිකානු ගුවන් හමුදාවටද, එරට නාවික හමුදාවට සහ මැරීන් බලකායටද නිපදවයි.
මෙම යානා නේටෝ සමාජික රටවල්ද භාවිතා කරන අතර එය ලොව නවීනතම තාක්ෂණය යොදාගෙන නිපදවා තිබෙන අතර ගුවන් නියමුවාට අංශක 360ක දර්ශනයක් හිමිවෙන සුවිශේෂී යානයකි.
මේ සම්බන්ධයෙන් ගුවන් යානය නිපදවන ලොක්හීඩ් මාටින් සමාගම පවසා ඇත්තේ අදාල කොටස හනිවෙල් සමාගම විසින් නිපදවීම සිදුකරන බවයි. ඒ අනුව ඉදිරියේදී අදාල ප්‍රශ්ණ ගත අමුද්‍රව්‍ය වෙනුවට ආදේශකයක් යොදාගන්නා බවයි.







