ලක්ෂ 74ක මූල්‍ය අපරාධයක් පිලිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමේ සිද්ධියට අදාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ගල්කිස්ස කොටඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටිය දී සිදුකරන ලද බරපතල විෂමාචාර සම්බන්ධව රටේ ඉහළම බුද්ධි අංශය විසින් සිදුකරන ලද වමර්ශන වාර්තාවක් මීට මාස හයකට පෙර පොලිස්පතිවරයා වෙත යොමු කර ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ඔහු සම්බන්ධව ලැබුණු පෙත්සමකට අදාලව රටේ ප්‍රධානම බුද්ධි අංශය විසින් සිදුකළ විමර්ශනයකින් පසු බරපතල අනාවරණ රැසක් සමග මෙම වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු වී ඇතැයි පැවසේ.
එහෙත් පුදුම සහගත ලෙස ඒ සම්බන්ධ පොලිස්පතිවරයා ගතයුතු මූලික ක්‍රියාමාර්ග කිසිවක් අරගෙන නොමැති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
මින් පෙර නීති විරෝධී ජාවාරමක යෙදුන උණ්ඩියල් කරුවන් දෙදෙනෙක් සමග අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ ලෙස සැලකෙන රුපියල් ලක්ෂ 74ක් ඔවුන් වෙතම ලබා දී විමර්ශනය නිමා කිරීම සම්බන්ධව චෝදනා එල්ල වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ප්රේරමත්න සම්බන්ධව පොලිස්පති නියමයෙන් පූර්ණ විමර්ශනයක් සිදු විය. ඊට අදාල මූල්‍ය අපරාධයේ සියලුම කරුණු හෙළිදරව් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම විමර්ශන වාර්තාව මීට මාස 06කට පෙර පොලිස්පතිවරයා වෙත යොමු කර තිබිණි. එහෙත් පොලිස්පතිවරයා ඒ සම්බන්ධව කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන තිබුණේ නැත.
මේ සිද්ධිය පිළිබඳව පසුගිය 05 වැනිදා විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළ පසු එම විමර්ශන කටයුතු භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ එන්.වී ලෝරන්ස් ධූරයෙන් පහ කර වහාම ක්‍රියාත්මකවන පරිදි ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට වෙත මාරු කර යැව්වේය.







