ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා කුමාරතුංග යන අයගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන සංධානයක් ගොඩ නැගීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇත.
පොහොට්ටු යූඑන්පී සන්ධානය තව දුරටත් පුලුල් කරමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මේ සම්බන්ධව මූලික සාකච්ඡා මේ වනවිට පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, වතුකරයේ දේශපාලන පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක කොටස් එක්වීමට සූදානම් බව වැඩිදුරටත් අනාවරණය වේ.
ගොඩනැගෙන පුළුල් සංධානයට වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල ආධාර ලබා ගැනීමට සූදානම් අතර ඒ සඳහා ඉදිරියේ දී සාකච්ඡා පැවැත්වීමට තීරණය වී තිබේ. පොහොට්ටු – යූඑන්පී හවුල තවදුරටත් පුළුල් විමෙන් පසු ගොඩනැගෙන මෙම නව සන්ධානය දේශපාලන සන්ධානය ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වනු ඇතැයි පැවසේ.







