ගල්ෆ් කලාපය තුල සිය සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා චීනය විසින් එම කලාපයේ මාධ්‍ය වලට බලපෑම් කරමින් සිටින බවට අනාවරණය වේ.
ඒ අනුව චීනය තම ප්‍රතිපත්ති වලට වාසිදායක වන අයුරින් වාර්තා කටයුතු කිරීමට කුවේට් හී මාධ්‍ය අයාතනය වලට යම් බලපෑම් කරමින් සිටින බවත් එහිදී එම මාධ්‍ය අයාතනවල මාධ්‍යවේදීන්ට විවිධ වරප්‍රසාද සහ පහසුකම් සැපයීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවටත් වාර්තාවේ.
මෙම වැඩසහටන සඳහා කුවේට් හී චීන තානාපති කාර්යාලය විසින් විශේෂ පුද්ගලයින් කණ්ඩයමක් යොදා ගෙන ඇති බවටද මේවන විට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙහිදී චීන තානාපති කාර්යාලය විසින් අදාල මාධ්‍යවේදින් යොදාගෙන් ඇමරිකානු සහ තායිවාන විරෝධී මතවාද ගෙනයෑමටද කටයුතු කර ඇති බව සිංගප්පූ පොස්ට සදහන් කරයි.
චීනය විසින් ඉතා සූක්ෂම සිය මතවාදය ප්‍රචාරය කිරීමට කටයුතු කරමින් සිටින අතර ඊට අනුගාමී නොවන පිරිසට පහර එල්ල කිරීමටද ඔවුන් පසුබට නොවන බවද පෙනීයයි. ඊට කදිම උදාහරණයක් ලෙස දේශපාලන විශ්ලේෂකයින් පෙන්නා දෙන්නේ මීට පෙර කුවේට් මාධ්‍ය ආයතනය විසින් තායිවාන විදේශ අමාත්‍යවරයාගේ සම්මුඛ සාකච්ඡාවක් පළකළ අවස්ථාවේදී එය ඉවත් කරන තෙක් අදාල මාධ්‍යවේදියාට බලපෑම් කිරීමයි.
මීට අමතරව චීනය විසින් තමන්ට හිතවාදී මතයන් පැතිරවීම සඳහා ඉන්දුනීසියාව තුලද සිය මධ්‍ය අයාතනය පිහිටුවීමට පියවරගෙනි තිබිණි. එහිදී ඔවුන් විසින් ඉන්දුනීසියානු ජාතිකයින් යොදා ගෙන සිය මතවාදය එරට පුරා පැතරවීමට කටයුතු කර ඇති බවටද අනාවරණය වේ.







