බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

පුරාවෘත්තයක අතීත මතක සටහන….

by editor
සැප්තැම්බර් 9, 2022
in ජීවිතය
මහ රැජන

මහ රැජන

Share on FacebookShare on Twitter

බීබීසී – 

පුරාවෘත්තයක් බඳු ඇය අප හැර ගොසිනි. ඇය පිළිබඳ බොහෝ කතා ඇසෙමින් තිබේ. වර්ෂ 1926 අප්‍රේල් 21 වෙනිදා ලන්ඩනයේ බර්ක්ලි චතුරශ්‍රයට ඔබ්බෙන් වූ නිවසකදී එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්ඩ්සර් නමින් ඇය උපත ලැබුවේ පස්වෙනි ජෝර්ජ් රජුගේ දෙවෙනි පුතු වූ යෝර්ක් හි ඇල්බර්ට් ආදිපාදවරයාගේ මෙන්ම ආදිපාදවරිය වූ එලිසබෙත් බෝව්ස් – ල්යෝන් ආර්යාවගේ පළමු දරුවා ලෙසිනි.

එලිසබෙත් බිලිඳිය බෞතීස්ම කරනු ලැබූ අවස්ථාවේ සිය දෙමාපියන් සමග

ඇයත්, 1930 දී උපන් සිය සොයුරිය වූ මාගරට් රෝස් යන දෙදෙනාම නිවසේදීම අධ්‍යාපනය ලැබූ අතර සෙනෙහසින් පිරි පවුල් පරිසරයක වැඩුණහ. එලිසබෙත්, සිය පියාට මෙන්ම මුත්තණුවන් වූ පස්වෙනි ජෝර්ජ් රජුට අතිශය සමීප තැනැත්තියක වුවාය.

වයස අවුරුදු හයක් වෙද්දී සිය අසරු උපදේශකවරයාට ඇය කියා සිටියේ “අසුන් හා සුනඛයින් බොහෝ ප්‍රමාණයක් හිමි ගැමි කාන්තාවක්වීමට” තමන්ට අවශ්‍ය බවය.

පාසල් නොගිය ද භාෂා කෙරෙහි එලිසබෙත්ගේ නිපුණතාව ප්‍රකට වූ අතර ව්‍යවස්ථාමය ඉතිහාසය පිළිබඳ විස්තරාත්මක හැදෑරීමක් ඇය සිදු කළාය.

ඇයට සම වයසේ දැරියන් හා සමාගමයට ඉඩ සලසා දීම් වස් ‘පළමු බකිංහැම් මාලිගය’ නම් බාලදක්ෂිකා කණ්ඩායම නිර්මාණය කෙරිණ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එලිසබෙත් (දකුණේ) සහ මාගරට් කුමරියන් දෙවෙනි ලෝක යුද්ධය සමයේ ජාතිය අමතමින්

1936 දී පස්වෙනි ජෝර්ජ් රජුගේ වියෝවෙන් පසු ඔහුගේ වැඩිමහල් පුතු වූ ඩේවිඩ්, අටවෙනි එඩ්වර්ඩ් ලෙස සිහසුනට පත්විය.

කෙසේවෙතත්, ඔහුගේ බිරිය වූ දෙවතාවක් දික්කසාද ලත් ඇමෙරිකානු කාන්තාවක වූ වොලිස් සිම්ප්සන්ට දේශපාලනිකමය හා ආගමික වශයෙන් පිළිගැනීමක් ලැබෙන ආකාරයක් පෙනෙන්නට නොවිණි. මේ තත්ත්වය තුළ එම වසර අවසානයේදී එඩ්වර්ඩ් සිහසුන අත්හළේය.

අදිමදි කරමින් වුව ද, යෝර්ක් හි ආදිපාදවරයා හයවෙනි ජෝර්ජ් රජු ලෙස සිහසුනට පත්විණි. ඔහුගේ මෞලි මංගල්‍යය එලිසබෙත් වෙත ළඟා කරදුන්නේ ඇය වෙනුවෙන් වෙන්වී ඇති දෙය පිළිබඳ මිහිර විඳගැනීමේ අවස්ථාවය. එය “ඉතා, ඉතා අනර්ඝ” මොහොතක් වූ බව ඇය පසුව සටහන් කොට තිබේ.

සිය පියාගේ මංගල්‍යය අවස්ථාවේ එලිසබෙත් කුමරිය සිය දෙමාපියන් සහ බාල සොයුරිය මාගරට් සමග

යුරෝපය පුරා ඉහළ යමින් පවතින නොසන්සුන් තත්ත්වය මධ්‍යයේ අභිනව රජු, සිය රැජින එලිසබෙත් සමග එක්ව, කිරීටය කෙරෙහි ජනතා විශ්වාසය යළි පිහිටුවාලීමේ ප්‍රයත්නයක යෙදිණි. ඔවුන්ගේ වැඩිමහල් දියණිය ද ඔවුන්ගේ ඒ ප්‍රයත්නයෙන් අත්දැකීම් උකහා ගත්තාය.

1939 දී රජු සහ රැජින ඩාට්මත් හි පිහිටි රාජකීය නාවික ඇකඩමියේ කළ චාරිකාවට 13 හැවිරිදි රජ කුමරිය ද එක් වූවාය.

සිය නැගණිය හා ගිය ඇයට පරිවාර සේවය සලසනු ලැබුවේ එහි සිටි කැඩෙට් නිලධාරියෙකු වූ ඇයගේ ඥාති සොයුරා වන ග්‍රීසියේ ෆිලිප් කුමරු ය.

දෙදෙනා මුණගැසුණු පළමු අවස්ථාව මෙය නොවුව ද ඇයට ඔහු කෙරෙහි හැඟීමක් ඇතිවූ පළමු අවස්ථාව එය විය.

නාවික හමුදාවෙන් නිවාඩු ලබා සිටි අවස්ථාවල ෆිලිප් කුමරු සිය ඥාති රාජකීයයන් මුණගැසීමට පැමිණි අතර 1944 වනවිට එවක 18 හැවිරිදි වූ එලිසබෙත් පැහැදිලිව ම ඔහු සමග පෙමින් වෙලී සිටියාය. ඇය කුමරුගේ ඡායාරූපයක් සිය කාමරයේ තබාගත් අතර දෙදෙනා අතර ලිපි හුවමාරු විණි. ලෝක යුද්ධය අවසානය කරා යනවිට සහායක බලප්‍රදේශ සේවාවට (ATS) එක්වූ ඇය ලොරි පැදවීමට මෙන්ම එම රථයක් සේවා කිරීමට ද උගත්තීය.

1947 නොවැම්බර් 20 වෙනිදා එලිසබත් කුමරිය පිලිප් කුමරු  වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේදී   විවාපත් වූහ. එය, පශ්චාත් යුද සමයේ ලන්ඩනයේ පැවති අඳුරු බව පරයා වර්ණවත් කළ උත්සවයක් විණි.

එලිසබෙත් කුමරිය සහ ෆිලිප් මවුන්ට්බැටන් අතර විවාහය

යුවලගේ පළමු දරුවා ලෙස චාර්ල්ස් 1948 දී මෙලොව එලිය දුටු අතර ඊට පසු ඔහුට සිය සොයුරිය වන ඈන් ලැබුනේ 1950 වසරේදීය.

නමුත් රජු පිළිබඳ සලකන විට, යුද්ධය පැවති කාලය පුරාම ඔහු සැලකිය යුතු ලෙස ආතතියකින් පෙළුණු අතර සිය ජීවිතය පුරා කළ උග්‍ර දුම්පානය හේතුවෙන් පෙනහළු පිළිකාවකට ගොදුරුව සිටියේය.

1952 ජනවාරි මාසයේදී එවක 25 හැවිරිදි වූ එලිසබෙත් සහ ෆිලිප් විදේශ සංචාරයක් සඳහා පිටත්වූහ. වෛද්‍ය උපදෙස්වලට එරෙහිව යමින් රජු ගුවන්තොටුපොළ වෙත ගියේ ඔවුන් පිටව යනු දැකීමටය. එය, එලිසබෙත් සිය පියාණන් ජීවත්ව සිටියදී දුටු අවසන් අවස්ථාව විය.

කෙන්යාවේ වනගත නිකේතනයක සිටියදී සිය පියාණන්ගේ අභාවය ඇසූ එලිසබෙත් වහා ලන්ඩනය වෙත පැමිණියේ අභිනව රැජින ලෙසිනි.

එළිසබත් රැජනගේ මෞලි මංගල්‍යය…

1953 පැවති ඇගේ මෞලි මංගල්‍යය රූපවාහිනියෙන් විකාශනය කෙරුණේ අගමැති වින්ස්ටන් චර්චිල් ගේ විරෝධය මැද වුවත්, දෙවෙනි එලිසබෙත් රැජින රාජාභිෂේක ලබන අයුරු දැකීමට මිලියන ගණනක පිරිසක් රූපවාහිනි යන්ත්‍ර වටා එක්වූහ. ඉන් බොහොමයක් එසේ රූපවාහිනිය නැරඹුවේ පළමුවරටය.

සිය ධුර කාලය පුරා ව්‍යවස්ථානුකූල නිවැරදිභාවය වෙනුවෙන් පෙනී සිටි රැජිනට පැවති ආණ්ඩු සමග   දුෂ්කර කාල පරිච්ඡේද ගණනාවක් පසුකරන්නට සිදුවිය.

තමන් දැනුවත් වීම, උපදෙස් දීම මෙන්ම අවවාද කිරීමට තමන් සතුව ඇති අයිතිය ඇය බරපතළ ලෙස සැලකුවද ඉන් ඔබ්බට යාමට අපේක්ෂා නොකළාය.

රැජන 1977 දී රිදී ජුබිලිය සැමරුවාය.  ඒ වීථි පුරා පැවති සැබෑ උද්යෝගිමත් සාද මෙන්ම එක්සත් රාජධානිය පුරා පැවති උත්සව සමගිනි. කිරීටය කෙරෙහි ජනතාවගේ බැඳීම තහවුරු ගැනුණු අතර ඉන් වැඩි බර තැබුණේ රැජින කෙරෙහිය.

රැජිනගේ මහජන කාර්යයන් වසරින් වසර ඉදිරියට ඇදිණි.  .කෙසේවෙතත්, 1992වන විට    මතුවූ අර්බුද හා උපද්‍රව මාලාවක් රාජකීය පවුලට බලපෑම් කරන්නට විය.

රැජිනගේ දෙවෙනි පුතුවන යෝක් හි ආදිපාදවරයා සහ ඔහුගේ බිරිඳ සාරා වෙන්වූයේ ඈන් කුමරිය හා මාර්ක් ෆිලිප් අතර විවාහය දික්කසාදයෙන් කෙළවර වෙද්දීය. අනතුරුව හෙළිවුණේ වේල්ස් කුමරු සහ කුමරිය අතිශයින්ම අසතුටුදායක තත්ත්වයක සිටින බවය. පසුව ඔවුහු වෙන්වූහ.

එම වසර සමාප්තියට පත්වුණේ රැජිනගේ ප්‍රියතම වාසස්ථානය වූ වින්ඩ්සර් මාලිගයේ ඇතිවූ විශාල ගින්නකිනි. රාජකීය මැදුර අවුල් සහගත බවක වෙලී ඇතැයි යන්නට එය සලකුණක් බඳු විය. එහි අලුත්වැඩියාවට වියදම දැරිය යුත්තේ බදු ගෙන්වන්නන් ද රැජින ද යන්න පිළිබඳ ප්‍රසිද්ධ විවාදය තත්වය සමනය වීමට උපකාරයක් නොවීය.

වින්ඩ්සර් මාලිගයේ ගින්න

රැජින විසින් 1992 වසර හඳුන්වාදෙනු ලැබුවේ “අභාග්‍යයේ වසර” ලෙසය.   වින්ඩ්සර් කාසල් හි අලුත්වැඩියාව වෙනුවෙන් අරමුදල් රැස් කිරීම පිණිස බකිංහැම් මාලිගය මහජනයාට විවෘත කෙරුණු අතර සිය ආයෝජන ආදායම් මත රැජින සහ වේල්ස් කුමරු බදු ගෙවන බව නිවේදනය කෙරිණි.

බ්‍රිතාන්‍යය අලුත් දිශානතියකට යොමුවන්නට අරගලයක යෙදෙද්දී, ඇය බලාපොරොත්තු දල්වන චරිතයක් ලෙස පැවතීමට උනන්දු වූවාය. සංවේගී අවස්ථාවකට වුව හදිසියේ පහළ කරන මන්දස්මිතයකින් ආලෝකය ගෙනෙන්නට හැකියාව තිබිණි. සැමදේට වඩා ඉහළින් ඇය අගය කළේ ජාතියේ සංකේතය යන භූමිකාවය. කෙසේ වෙතත්, 1997 අගෝස්තු මාසයේදී ප්‍රංශයේදී මෝටර් රිය අනතුරකින් වේල්සයේ කුමරිය ඩයනා මිය යාමෙන් පසු කිරීටය සෙලවිණි. රැජින ද පෙර නොවූ ලෙස විවේචනයට ලක්වුවාය.

ලන්ඩනයේ ඇති රාජකීය මාලිගා වටා පුෂ්පෝපහාර සමගින් ජනතාව එක්රැස් වුව ද, පුළුල් ජාතික වශයෙන් වැදගත් අවස්ථාවලදී කළාක් මෙන් එවර ඊට අවධානය යොමු කිරීමට රැජින උනන්දුවක් නොදැක්වූ බව පෙනෙන්නට විය.

වේල්සයේ කුමරියගේ මරණයෙන් පසු දක්නට ලැබුන ප්‍රසිද්ධියේ හඬා වැළපීමෙන් වැළකීමේ සම්ප්‍රදායක් අනුගමනය කරන පරපුරකට ඇය අයත් වූ බව එදා ඇගේ බොහෝ විවේචකයෝ වටහා ගැනීමට අපොහොසත් වූහ.

වේල්සයේ කුමරිය, ඩයනාගේ මරණය…

රාජකීය පවුලේ පුද්ගලිකත්වය මැද ඩයනාගේ පුතුන් දෙදෙනාගේ සුව පහසුව සැලසීම අරමුණු කරගත් මිත්තණිය ලෙස ඇය හැඟෙන්නට වූවාය.

කෙසේ හෝ අනතුරුව සිය ලේලියට ගෞරවය පුදකරමින් සජීව විකාශනයකට එක්වූ ඇය කිරීටය අනුගතවන කැපවීමක් ද පළ කළාය.

රැජින කිරීටයට පත්වීමේ ස්වර්ණ ජයන්තිය 2002 වසරේ සැමරෙද්දී මව් රැජින සහ සොයුරිය මාග්‍රට් මිය යාම, ඇයගේ පාලනය පිළිබඳ ජාතික වශයෙන් පැවති සැමරුම් ඡායාවකින් වැසීගියේය.

2006 අප්‍රේල් මාසයේ සිය 80වෙනි උපන් දිනය දා නොනිල වශයෙන් ඇවිද ගිය රැජිනට සුබ පැතීම සඳහා දහස් ගණනක පිරිසක් වින්ඩ්සර්හි වීථිවල රැස්ව සිටියහ.

ෆිලිප් කුමරු සමග රැජිනගේ විවාහ දිවියේ 60 වෙනි වසර 2007 නොවැම්බර් මාසයේදී සැමරුනේ වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේ දෙදහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති දේව මෙහෙයක් සමගිනි.

2011 වසරේ අප්‍රේල් මාසයේදී තවත් ප්‍රීතිමත් අවස්ථාවක් රැජිනට උදාවූයේ සිය මුණුපුරාවන කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් සහ කැතරින් මිඩ්ල්ටන්ගේ විවාහයට එක්වීමෙනි.

2015 සැප්තැම්බර් 9 වෙනිදා ඇය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝ කාලයක් කිරීටයේ රැඳුණු පුද්ගලයා බවට පත්වූයේ සිය මී මිත්තණිය වූ වික්ටෝරියා රැජිණ අභිබවා යමිනි.

2016 අප්‍රේල් මාසයේදී ඇය සිය 90 වෙනි උපන්දිනය සැමරුවාය.

රැජිණ කිරීටය දැරූ අවසන් සමයේ, එය ආරම්භයේ පැවතියාට වඩා සවිමත් නොවුවද, ඇයගේ අරමුණ වූයේ බ්‍රිතාන්‍ය ජනතාවගේ හදවතේ රැඳී ඇති තැන හා සෙනෙහස ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමය.

2022 වසරට යෙදුනු ඇගේ ප්ලැටිනම් ජුබිලිය සඳහා බකිංහැම් මාළිගයේ සඳලුතලයේ දී පෙනී සිටි ආකාරය…
Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තිම අමාරු වෙලාවේ රට හදන්න පැමිණි  ස්වේච්ඡා රාජ්‍ය ඇමතිවරු 37ට වාහන 296ක්…  

Next Post

බැසිල් රටින් පිටවේ… තමන්ගේ ගම් රට දැක ගන්නට යයි…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.