මේ වනවිට රුපියල් ලක්ෂ හැත්තෑපහක දූෂණයකට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂවරයා මෙන්ම බස්නාහිර පළාත් උතුරු දිසාව (අපරාධ බාර) වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු මූල්‍ය අපරාධ විමර්ශන කටයුතු භාර දෙන ලෙස පොලිස්පතිවරයා විසින් එවකට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්ගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය කොටස් දෙකට වෙන් කර නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් යටතට පත් කරන ලෙසය. අනතුරුව නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වන එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වූ රොහාන් ප්‍රේමරත්න යටතට එහි මූල්‍ය විමර්ශන අංශය පත් කරන ලෙසය.
එහෙත් ඒ වනවිටත් මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී තිබුනු අධ්යෂක්වරයාට එම තනතුර ලබා නොදී අදාල විමර්ශනය කරගෙන යන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් පොලිස්පතිවරයාට දන්වා තිබේ. ඔහුට එරෙහිව මූල්‍ය අපරාධ නඩුව ගොනුවන්නේ ඒ අනුවය.
කෙසේ වෙතත් චූදිත නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයක් හදා එහි ප්‍රධානියා කිරීම සඳහා කුප්‍රකට ව්‍යාපාරිකයෙක් සහ රජයේ ප්‍රබලම අමාත්‍යාංශයක ලේකම්වරයෙක් බලපෑම් කළ බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා තනතුර හැර යෑමට ආසන්නම එක් හේතුවක් එය බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මේ ලිපියත් බලන්න…
ලක්ෂ 75ක වංගුවක්… වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව සීඅයිඩියෙන් පරීක්ෂණයක්…







