“කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වූණු මාණ්ඩලික එකඟතා ගිවිසුම සභාගත කරන්න. එවිට එම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව අපටත් රටටත් යම් අවබෝධයක් ලබාගත හැකි වෙයි. ඒ වගේම අපට හැකියාව ලැබෙනවා එය පරිශීලනය කරලා රටට වඩාත් ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග කවරේද පිළිබඳ අපේ මතයත් ඉදිරිපත් කරන්න.” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (06) පාර්ලිමේන්තුවේ දී කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ද ඉල්ලා සිටියහ.
අචාර්ය හර්ෂ ද සිල්වා කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් කොන්දේසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවය. එම යෝජනාවට එකඟ වෙමින් මහාචාර්ය චරිත හේරත් ද කියා සිටියේ අදාල එකඟතා හෙළිදරව් කළ යුතු බවයෙ.







