පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාල පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. ඊට අදාල කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (29) පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කරනු ලැබීය.
පක්ෂ නායකයින් හා අගමැතිවරයා අතර අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ජාතික සභාව සඳහාවන මෙම කොටුම්පත ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
ජාතික සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභා සම්බන්ධව රජය කෙටුම්පත් කළ යෝජනා පිළිබඳව දේශපාලන පක්ෂවල යෝජනා හා අදහස් කඩිනමින් ලබා ගැනීමටත්, එසේ එම යෝජනා සැලකිල්ලට ගෙන අවසන් කෙටුම්පත සකස් කිරීමටත් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ
රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය හා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය ගැන ද මෙහිදී පුලුල් ලෙස සාකච්ඡා කර තිබිණි.







