ආසියානු කුසාලන තරගාවලියේ ආකර්ශනීය තරගයක් තරගයක් වූ ඉන්දියා පකිස්ථාන් තරගයෙන් ඊයේ (28) පකිස්ථානය පරදවා කඩුළු 05ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගැනීමට ඉන්දියාව සමත් විය. ඒ තියුණු තරගයකින් අනතුරුවය.
ක්‍රීඩාංගනය අතුරුසිදුරු නැතිව පිරී තිබිණි. මුලින්ම පන්දුවට පහර දුන්නේ පකිස්ථානු කණ්ඩායමය. පන්දුවාර 20 තුළ සියල්ලෝ දැවී ඔවුහු ලකුණු 147ක් ලබා ගත්හ. ඉන්දියාවට ලකුණු 148ක ඉලක්කයක් හිමි විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාව ලකුණු 148ක ඉලක්කය පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ ලබා ගත්තේය. ඉන්දියාවේ කඩුළු 05ක් දැවී ගියේය.
මෙම තරගයේ කැපී පෙනන ක්‍රීඩයකා වූයේ හර්දික් පාණ්ඩ්‍යාය. ඔහු විශිෂ්ට පිතිකරණයක නිරත විය. නොදැවී ලකුණු 33ක් ලැබුවේය. පන්දු යැවීමේ දි පකිස්තානු කඩුලු 03ක් බිඳ හෙළුවේය. තරගයේ වීරයා වූයේ ඔහුය.
ලකුණු නොලබා සිටිය දී ලබා දුන් උඩපන්දුව ගිලිහී යෑමෙන් පසු විරාට් කෝලි තමන්ගේ සිය වැනි විස්සයි 20 තරගයේ දී ලකුණු 35ක් ලබා ගත්තේය.







