හදිසියේ අක්‍රිය වු නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සදුදා සිට යලි ජාතික පද්ධතිය හා එක් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි පවසයි.
ඒ අනුව ලබන සඳුදා සිට දැනට නොලැබෙන මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට යළි එක්වන බවය.
ඒ අනුව පසුගිය 15 වනදා සිට මේ දක්වා සිදුකරන දිනකට පැය 3ක විදුලි කප්පාදුවේ කාලය අඩු වීමට නියමිතය. එහෙත් ඉන් පසුවත් බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය පවතින්නේ නඩත්තු තත්ත්වයේ ය.
නොරොච්චෝලේ බලාගාරයේ පළමු හා දෙවන ජනන යන්ත්‍ර මේ වනවිට පවතින්නේ අක්‍රීයවය.