ලලිත් චාමින්ද –
දකුණු පළාතේ පාසල්වල අනධ්‍යයන කාර්යමණ්ඩලවල සනීපාරක්ෂක කම්කරුවන් ලෙස සේවය කරමින් සිටි උපාධිධාරින් 19 දෙනෙකුගේ තනතුරු නාමය වෙනස්කොට ඔවුන් වෙනත් තනතුරු සඳහා අනුයුක්ත කළ බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ පවසයි.
ඔවුන් 2019 වර්ෂයේ දි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අනධ්‍යයන කර්යමණ්ඩල සඳහා බඳවාගෙන ඇති අතර පසුව උපාධිය සම්පුර්ණ කළ අය බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
වර්ෂ 2019 වර්ෂයේ දි කම්කරු, සනීපාරක්ෂක කම්කරු, පුස්තකාල හා රාසායනාගාර සහායකවරුන් ලෙස පිරිසක් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් බඳවාගෙන තිබු බවද ආචාර්ය විලිගමගේ කියයි.
මෙම පිරිස රැකියාවේ තනතුරු නාමය වෙනස්කර දෙන ලෙස තමන් වෙත දුක්ගැනවිලි ඉදිරිපත් කළ බවත් ඒ පිළිබද අවධානය යොමුකොට මෙම උපාධිධාරින් 19 දෙනාගෙන් පුස්තකාල සහායක හා රසායනාගාර සහායකවරුන් ලෙස තනතුරු නාමය වෙනස් කර දුන් බවත් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ වැඩිචදුරටත් සඳහන් කළේය.







