අහෝසි කළ යුතු පනතක් මුවහත් කරමින් කරන මේ භාෂණයෙ ප්රකාශනයේ නිදහස ජාත්‍යාන්තර මානව හිමිකම් ප්‍රමිතිය සහමුලින් උල්ලංඝණය කිරීමක් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂලන් හි දකුණු ආසියා අධ්යක්ෂ යාමිනී මිශ්රා ප්‍රකාශ කරයි.

විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා කුරිරු ත්‍රස්ත විරෝධී නීතියක් භාවිතා කිරීමට තරම් ශ්‍රී පහතට වැටී ඇති ආකාය පිළිබඳව ද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පෙන්වා දෙයි.
මේ වන විටත් දැඩි ලෙස විවේචනයට ලක්වී අහෝසි කළ යුතුව ඇති පනතක් මුවහත් කිරීම නවතා වහාම එම නීතිය අවලංගු කළ යුතු බව මෙම ජාත්‍යාන්තර මානව හිමිකම් ආයතනය පවසයි.
“Using a draconian anti-terror law to crackdown on protesters is a new low for the Sri Lankan government. This weaponizing of an already highly-criticized law, which should be repealed immediately, https://t.co/jzabEkgOQC #SriLanka #ProtectTheProtest @amnesty
— Amnesty International South Asia, Regional Office (@amnestysasia) August 22, 2022
වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමිපාණන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක ඇමතිවරයා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අත්සන්කර අනුමැතිය ලබා දුන්නේය.







