පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී සංගමයේ ශිෂ්‍ය මෙහෙයුම් මණ්ල විධායක සභික මංගල මද්දුමගේ අද පොලිසිය විසින් අත්අඩංගුවට ගනෙ තිබේ.
මැයි මස 19 දා සිදුවූ විරෝධය අතරතුර අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදානව මත ඔහු කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුයේ. ගෝල්ෆේස් ජන අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙක් මෙන්ම නුවර ගොඨාගෝ ගම ආරම්භ කිරීමේදී ප්රමුඛ භූමිකාවක් කළ සහෝදරයෙක් වුන මංගල මද්දුමගේ සහෝදරයා අද දහයත් එකොළහත් අතර කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට පැහැර ගැනීමකට ලක් වුන බවය.
ගෝල්ෆේස් අරගලකරුවන් විසින් මහජන පුස්තකාලයේ කැඳවූ රැස්වීමකට පැමිණි අවස්ථාවේ දී සිවිල් ඇඳුමකින් සැරසුන පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ ඔහු පැහැරගත් බව පුබුදු ජයගොඩ කීවේය.
“අත්අඩංගුවට ගැනිමක් නම් නීතිඥ සහාය ගන්න ඉඩ දෙන්න ඕන. නීතිඥයො විමසනකොට ඔහු ඉන්නේ කොහද කියලා කියන්න ඕන. ඒ නිසා අප කියන්නේ මේක නිශ්ඡිත පැහැර ගැනීමක්… රනිල් හැම තැනම පලිගැනීම් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදු නොකරන බව කියමින් කරන්නෙම ඒක…“
කටයුතු කරන්නේ මේ ආකාරයෙන්නම් රනිල් වික්‍රමසිංහට ඉතාම නරක අත්දැකීමක් විඳින්නට සිදුවිය හැකි බවත්, මේ වනවිට ඇසින් දුටු සාක්ෂි සහිතව සිද්ධිය පිළිබඳ මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් ලෙස සටහන් වී ඇති බවත් පුබුදු ජයගොඩ කීවේය.







