ඊච්චන්කුලම, සොලමන් ප්රදේශයේදී වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා ඇත. මෙම වෙඩි තැබීම ඊයේ (01) උදේ සිදු වී තිබේ.
තම නිවස පිටුපස කැලෑ ප්රදේශයක දර එකතු කරමින් සිටියදී අදාළ කාන්තාව වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූ කාන්තාව වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය වවුනියාව කල්මඩුව ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බවට හඳුනාගෙන ඇත.
වෙඩි තැබීම සිදුකළ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා