අරගලයේ ප්රධාන ක්රියාධරයෙක් වූ සමාජ ක්රියාධර පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා 13 දා පාර්ලිමේන්තු ප්රවේශ අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවය මෙහෙයවීම එම ස්ථානයේ මාර්ග බාධක බිඳ හෙළීම, කලහකාරී සිද්ධිවලට හවුල්වීම සම්බන්ධව පැතුම් කර්නර්ට චෝදනා එල්ල වී තිබිණි.
ඉකුත් 18 වැනිදා ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණත් ඔහු නීතිඥයෙක් මාර්ගයෙන් ලිපියක් යවමින් තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බව දැන්වූයේය.
අද ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ පෙනී සිටීමෙන් පසු අත්අඩංගුවට ගැනුණි.







