ශ්‍රී ලංකාව ප්‍රබල තැනකය. සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටවා ඇත. ඒ කඩුළු 8ක් දැවී ලකුණු 360ක් ලබා තිබිය දීය.
මේ වනවිට පකාස්ථානු ඉනිම ආරම්භ වී ඇත. ඔවුන් පන්දු ඕවර 15ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 42ක් සහිතව හිඳී. දවාගත් කඩුල්ල ප්‍රභාත් ජයසූරියගේය.
පළමු ඉනිමේ වාසියත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානු කණ්ඩායමට වඩා ලකුණු 507ක් ඉදිරියෙනි. එය හඹාගොස් ජයගැනීමට බෙහෙවින්ම අසීරු ඉලක්කයකි. විශේෂයෙන්ම ගාලු ක්‍රීඩාංගනයේ දී එය කොහොමටත් අසීරු කටයුත්තකි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ තැනට ඔසවා තැබීමේ විශිෂ්ටම මෙහෙවර කළේ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වාය. ඔහු හතරේ පහර 16ක් සහිතව ලකුණු 109ක් වාර්තා කළේය.
ඉනිම ආරම්භ කිරීම දික්වැල්ලට දී මැද පෙළට පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 61ක් ලබා ගත්තේය. ඔහු සහ ධනංජය අතර ඇතිවූ සම්බන්ධතාවය මේ ඉනිමේ විශිෂ්ටම සම්බන්ධතාවය විය. ඔවුන් දෙදෙනා එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.
මීට අමතරව ඉනිම අත්හිටුවීමට අවශ්‍ය ස්ථාවර පදනම සපයමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ලකුණු 45ක් රැස් කරගන්නට රමේෂ් මෙන්ඩිස් සමත් විය. ධනංජය ලකුණු 109කට දැවී යෑමත් සමග ඉනිම අත්හිටවීම නිසා නොදැවී සිටි රමේෂ් මෙන්ඩිස්ට සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගැනීමට නොහැකි විය.
පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් නසීම් ශා සහ මොහොමඩ් නවාස් කඩුළු 2 බැගින් දවා ගත්හ.
යසීර් ශා, නවුමන් අලී සහ අගා සල්මාන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. පකිස්ථානය සිය අසීරු ඉලක්කයට දින එක හමාරක්ම මුහුණ දිය යුතුය.