මේ පාර්ලිමේන්තු මේ සාමාජයේ බුර බුරා නැගෙන අභිලාෂයන් නියෝජනය නොකර විකෘතියක් බවත් තමන් මේ අවස්ථාවේ දී පෙනී සිටින්නේ පොදු සමාජයේ ප්රාර්ථනාව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්නට බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
පොහොට්ටුවක් පොදු සමාජය තුළ සොයා ගත නොහැකිව තිබෙද්දී පාර්ලිමේන්තුවේ අති බහුතරය පොහොට්ටුව බවකී අනුර කුමාර දිසානායක මේ විකෘතියේ තරම ජනතාවගෙන් සපුරා ප්රතික්ෂේප වී පාර්ලිමේන්තු ආසනයත් පැරදී සිටි පුද්ගලයා පක්ෂයට හිමිව තිබූ එක් ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණ දැන් සමාජයෙන් ප්රතිෂේ වී ඇති පොහොට්ටුවේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වීමේ ඇති ඉඩකඩින් පෙනෙන බව පැවසුවේය.
මේ පාර්ලිමේන්තුවට අවුරුදු 03ක ධූර කාලයක් පවතින නමුත් එම කාලය එය පවත්වා ගැනීමේ කිසිම සදාචාරාත්මක පදනමක් නැති බව කී අනුර කුමාර දිසානායක මෙම අපේක්ෂකයන් දෙදෙනාම මෙම පාලනය වසර තුනක් සදහා පවත්වා ගැනීමට උත්සාහ කරනු විනා නිශ්චිත දින වකවානුවක් ප්රකාශ කරන අන්තර්වාර පාලනයක් ගැන ප්රකාශ නොකරන බව කීවේය. අන්තර්වාර පාලනයෙන් අනතුරුව නව මැතිවරණයකට යන බව ප්රකාශ නොකරන බවත් පැවසුවේය.
එසේ නොකියන්නේම අවුරුදු පහ පාර්ලිමේන්තුවේ ගත කර විශ්රාම වැටුප සහ වාහන බපලපත්ර සහිතව යෑමට බලාපොරොත්තුවන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ඡන්ද නොලැබෙන බැවින් යැයි ද ඔහු කියා සිටියේය.
තමන් කියා සිටියෙ දේශපාලන අනාගත බලාපොරොත්තු සහිත බල කඳවුරු නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනෙක් ජනාධිපති හා අගමැති ලෙස තෝරාගෙන අමතිවරු දහයකට අඩු කැබිනට් මණ්ඩලයකින් නිශ්චිත ඉලක්ක සාධනය කරගැනීම සඳහා මාස 06ක කාලයකට අන්තර්වාර පාලනයක් පවත්වාගෙන ගොස් රට මූලික ස්ථාවරයකට පැමිණි පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් තෝරා ගත යුතු බව යැයි පෙන්වා දුන්නේය.
එහෙත් ඊට සූදානම් නැති නිසා තමන් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් මෙම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ බවත් මේ පාර්ලිමේන්තු විකෘතියේ තරම හෙට බලාගත හැකිවනු ඇති බවත් ද ඔහු කීවේය.







