මුම්බායි හි අයිරෝලි ප්‍රදේශයේ පිහිටි ඉඩම් සංවර්ධක ‘කේ රහේජා සමාගමට අයත් අක්කර 92ක් පුරාවට විහිදුණු ඉඩම් දෙකක් රුපියල් කෝටි 1500කට මිලදී ගැනීමට අදානි සමූහය සූදානම් වෙන බව වාර්තා වේ.
මෙම ඉඩම අදානි කොනෙක්ස්එක්ස් වෙතට පැවරෙන අතර අදානි එන්ටර්ප්‍රයිසස් හා එක්ව එහි දත්ත මධ්‍යස්ථානයක් ගොඩ නංවනු ඇත.
මේ වන විටත් ලේඛන කටයුතු බොහෝ දුරට අවසන් කොට ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළතදී ගනුදෙනු අවසන් කිරීමට ඉඩ ඇති බව සඳහන්ය.
පසුගිය සතියේ අදානි පවර් නිවේදනය කළේ ජූලි 27 දින පැවැත්වෙන වාර්ෂික මහ සභා රැස්වීමේදී අදානි කොනෙක්ස් සමඟ රුපියල් කෝට්ි 5000ක් වටිනා පාර්ශව ගනුදෙනුවක් සඳහා කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගන්නා බවයි.







