දිනසේන රතුගමගේ –
මුලතිව් අධිකරණයේ නියෝග මත කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ජූලි මස 29 වෙනිදාට පෙර ඉවත් කිරීමට පොලීසිය ක්‍රියා නොකළහොත් යළිත් නඩු පවරණ අතර පොලීසියට එරෙහිව වෙනත් නඩුවක්ද ගොණු කරණ බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එස්.රවිහරන් පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් ඇතුලුව මුලතිව් වැසියන් විසින් ගොනු කරණ ලද නඩුවල ප්‍රතිපලයක් වශයෙන් අධිකරණ නියෝගයන් නොතකා ඉදිකළ අනවසර ඉදිකිරීම් ඉවත් කරණ ලෙස මුලතිව් අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව සියළු දෙනාම පිළිගත යුතු බවයි.
නමුත් දකුණේ බොහෝ බලවේගවල බලපෑම් මත මුලතිව් පොලීසිය එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට සූදානමක් නොමැති බව පෙනෙන්නට ඇති නිසා තවත් දින කීපයක් ඒ දෙස බලා සිට පොලීසියට එරෙහිවද නඩුවක් ගොනු කරණ බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.
කුරුදුමලේ විහාරය හා ආදී ශිව අයියනාර් කෝවිල සම්බන්ධයෙන් ඇති මතභේදාත්මක තත්ත්වය යළි කෙදිනක හෝ අධිකරණය මගින් තහවුරු කරණ තුරු අනවසර ඉදිකිරීම් නොකරණ ලෙස මුලතිව් අධිකරණය හා වවුනියාව මහාධිකරණය නියෝග නිකුත් කොට තිබියදී කුරුඳුමලේ විහාරයේ යුද හමුදාව හා දකුණේ බොහෝ සංවිධාන විසින් සිදු කළ අනවසර ඉදිකිරීම් නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් හටගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.







