වැඩ බලන අග්රාමාත්ය ධුරයට වත්මන් සභානායක දිනේෂ් ගුණවර්ධනව පත් කිරීමට නියමිතව ඇත.
ඉදිරියේ දී පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයෙක් පත් කරගන්නා තෙක් වැඩ බලන අගමැතිවරයෙක් පත් කරගත යුතු බවට මේ වනවිට වැඩ බලන ජනාධිපතිවරයා වෙත යෝජනා ඉදිරිපත් වී ඇත.
ඒ අනුව හෙට රැස්වන පාර්ලිමේන්තුවේ දී බොහෝ දුරට වැඩ බලන අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන පත්කිරීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සනාථ කරයි.









