තමන් ඉවත්වීමට සූදානම් නමුත් එය සිදුවන්නේ රටේ ව්‍යවස්ථානුකූල සම්ප්‍රදායට අනුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
තමන් ඉවත් වීමට නම් නිර්මාණයවන සර්ව පාක්ෂික ආණ්ඩුව කුමක් ද, එහි අගමැතිවරයා සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර තිබේද යන්න ස්ථාවරව පෙන්වා දිය යුතු බවත් එසේ පෙන්වා දුන් පසු අගමැති ධුරයෙන් ඉවත් වන බවත් අගමැතිවරයා කියයි.
කථා නායකවරයා ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අස් වීමෙන් පසුය.
මේ අනුව විපක්ෂයේ සහ මේ වනවිට රටේ මතුවෙමින් ඇති ඉල්ලීම මත අගමැතිවරයා ඉල්ලා අස්වන්නේ නැත.
එබැවින් යෝජනා වී ඇති ආකාරයට කථානායකවරයා තාවකාලික ජනාධිපතිවරයා ලෙස පත් කරගැනීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නැත.
ජනාධිපතිවරයා ඉවත්වන බව අගැමැතිවරයා විසින් ද තහවුරු කර තිබේ. පවතින තත්ත්වය තුළ ජනාධිපතිවරයා ඉවත් වී ගිය පසු ව්‍යවස්ථානුකූලව රටේ වැඩ බලන ජනාධිපතිවරයා වන්නේ අගමැතිවරයා ය.
අගමැතිවරයා ලෙස නීත්‍යානුකූලව පැවතීම සඳහා මේ මොහොතේ තමන්ට 113ක පාර්ලිමේන්තු බහුතරය ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ විශ්වාස කරයි.









