බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේ…

සුරත්ගේ සයිබර් කොලම

by editor
අගෝස්තු 19, 2020
in කොලම
05

05

Share on FacebookShare on Twitter

මහ කළුවරේ මෙහෙම කිය කිය සීයා කෙනෙක් පාරෙ ගියා පෙරේදා. ඔහොම සින්දුවකුත් තිබුණා නේද කියලා මට මතක් වුනා.

“මේ රටටම ලයිට් ගිහින් තියෙන වෙලාවේ අර මනුස්සයා හොඳටම බීලාද කොහෙ ද?”

අපේ උන්දෑ කියපි.

“මිනිහට කවුද දන්නෑ සංසාරෙ ලයිට් කරලා දෙන්න පොරොන්දු වුනේ? ඩලස්වත් ද?”

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

දෙවැනි පැනයත් එයාම යොමු කළා.

“කියන්න බෑ මේ ගොල්ලො දෙන පොරොන්දුවල හැටියට. රට අඳුරෙ තිබ්බට සංසාරෙ ලයිට් කරලා දෙන්න නම් පොරොන්දු වේවි”

ඈ අඳුර වගේම නිහඬව උන්නා.

“මිනිහා මොනවද දන්නෑ බීපු බ්‍රෑන්ඩ් එක?”

මම මගේ දෙවැනි ප්‍රශ්නෙත් මේසෙට දැම්මා.

“ඇයි මොකටද?”

“වෙන මොකටද ඉතිං?”

මේ ප්‍රශ්න විචාරත්මක තරඟය යන දිශාව හොඳ නැති වගේ දැණුනු නිසා මම එළියට බැස්සා, කොල්ලත් එක්ක පාර පැත්තෙ රවුමක් ගහන්න.

ගියා වගේ නෙමෙයි ගෙදර එන්න පාර හොයා ගන්නෙ කොහොමද? මතක් වුනේ පස්සෙ. අරගෙන එන්න ගෙදර ටෝච් එකක්වත් තිබුනෙ නෑ.

“තාත්තේ, අපිට වාහනවල ලයිට් වලින් පාර හොයන් ගෙදර යන්න පුලුවන් වේවි නේද?”

මට ඇතිවූ ප්‍රශ්නයම ළමයටත් ඇති වෙලා. එයාම පිළිතුරකුත් හොයා ගෙන. ළමයාගේ තර්ක ඥාණය වැඩ කරවීමට විදුලිය බිඳ වැටීම උපකාර වීම ගැන මට ඇති වුනේ සතුටක්.

“තාත්තේ, කොහොමද සමහර කඩවල ලයිට් තියෙන්නේ?”

මම කොල්ලාට ජෙනරේටර් පිළිබඳ පාඩමක් කියා දුන්නා.

“එතකොට කොහොමද ජෙනරේටර් එකෙන් ලයිට් පත්තු වෙන්නේ?”

ඒක ඇරෙන්න මම ඔක්කොම කියලා. මගේ වෙලාවට විදුලිය ආවා.

මම ළමයත් එක්ක මොරටුවේ අඳුරැ පාරවල් දිගේ ඇවිද ගිය ඒ සොඳුරැ හෝරා දෙකහමාර අහවර වුණා.

පර්චස් හයේ කෑලිවල හිරවෙලා ඉන්න අපිට, ෆෑන් නැතුව හතර කොනින් දාඩිය දාන්න අරගෙන ලඟ ඉන්න එකාගේ ඇඟේ රස්නෙ වැදුනම, උගේ බෙල්ල මිරිකන්න හිතෙන කතාව අමතක කරලා දාමුකො. අඳුර ඊට වැඩිය කොච්චර සුන්දරද?
.
ඊයේ දවසේ ෆේස්බුක් පිරී තිබුනෙත්, මගේ මිතුරැ මිතුරියන්ද රාත්‍රී අඳුර අත්විඳි ආකාරය පිළිබඳ කියැවුණු සොඳුරැ සටහන් වලින්. සමහරැ ඝනඳුරැ රෑ අහසේ වෙනදා නොදැකපු තරැ දැකලා. සමහරැ ග්‍රහලෝක චන්ඳ්‍රිකා දැකලා. සමහරැ අඳුරේම බොන්න ගිහින්. සමහරැ බස් එකේ කෝච්චියේ ගිහින්. සමහරැ අනෙකා නොපෙනීම රති සුව විඳලා. සමහරැ වෙන මුකුත් නැතිවම කෑලි කපන අඳුර අත්විඳලා.

විදුලිය ඇණ හිටියම මිනිස්සුන්ගේ ජීවිත ආලෝකමත් වෙලා. පැය අටක් විදුලිය ඇණ හිටියම දියුණු රටක නම් මිනිස්සු ආණ්ඩුවට විරැද්ධව නඩු දානවා.

“අපේ රටේ මිනිස්සු ⁣ආධ්‍යාත්මිකව දියුණු නිසා ඕනම ආපදාවක් දිහා සෞන්දර්යාත්මකව බලන හැටි කොච්චර ලස්සනද නේද?”

මම ගෙදර උන්දෑගෙන් ඇහුවා. ඈ හ්ම්ම් නැතුව කාමරයේ ලයිට් එක ඕෆ් කරලා සාලයට යන්න ගියා.

ඊයේ රෑ ආපහු ලයිට් ගියා.

ඈ පැමිණ ලතාවට මා අසලින් වාඩි වුණා.

“ඔයා ඊයේ අහපු ප්‍රශ්නෙට මම දැන් උත්තරයක් දෙන්නද?”

දැන් ඉතිං මම එපා කියන්නයැ.

“මම හිතන්නෙ මිනිස්සු දැන් ලයිට් බිල් ගෙවන්නෙ නැති නිසා පාඩුව අවම කර ගන්න ආණ්ඩුව ගහන සුන්දර ගේමක් මේක”

මම තරඟයට පිටිය සකස් කළා.

“අනේ මේ බොරැ චෝදනා කරන්න එපා? රිබන් එක කියලා වයර් එක කැපුවද වගේ ගොං චූන් ගන්නෙ ඔයාගෙ යාළුවො තමයි”

එයා බැට් කරන්න ගත්තා.

“පිං සිද්ධවෙයි ඔයාගෙ ඔය සෞන්දර්යාත්මකම යාලුවොන්ට කියනවද ලයිට් ගිය වෙලාවට කළුවරේ තියෙන ලස්සන ගැන ආයේ කවි සීපද, සටහන් ලියලා ෆේස්බුක් දාන්න එපා කියලා?”

“ඇයි ඒ?”

“ඒවා දැකලා වෙන්න ඇති ආණ්ඩුවෙන් තව දවස් ගාණක් ඒ සෞන්දර්යම විදින්න ලයිට් කපලා ඔයාලට අවස්ථාව දීලා තියෙන්නේ”

ඇත්තටම ආණ්ඩුව හිතාමතාම එහෙම කළා නම් කොච්චර හොඳදැයි මට හිතුනේ. ඒක කිව්ව නම් මම ආණ්ඩුපක්ෂෙට මාරැවෙලා කියලා ඈ හිතාවි. ඊට සැපයි ජීවිත කාලෙටම ලයිට් යන එක.

“ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් ආණ්ඩුව අපේ යාළුවො ෆේස්බුක් කියන ඔක්කොම කතා අහනවා කියලා මම නම් හිතන්නේ නෑ”

“ආණ්ඩුව අහන්නේ ෆේස්බුක්වාසියෝ කියන ඒව තමයි. කෝවිඩ් එකට ලොක්ඩවුන් කරන්න කිව්ව ගමන් ආණ්ඩුව ඇහුවෙ නැද්ද?” ඈ මගේ ඇඟට ගොඩවුණා.

“ඒ වුණාට අපේ යාළුවෝ ෆේස්බුක් එකේ ආණ්ඩුවට කොච්චර කිව්වද ආයේ බලේට එන්න එපා කියලා. කෝ ඒක ඇහුවෙ නෑනෙ?”

ඔන්න එතකොටම විදුලිය ආවා.

“මට ආලෝකේ ගෙනදේවී සංසාරයේ”

ගීය ගයාගෙන, නැවතත් කාමරයේ ලයිට් ඕෆ් කරගෙන, මා අඳුරේ දමා ඈ යන්න ගියා මැකිලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිංහරාජය මැදින් යන පාර ගැන මහාමාර්ග ලේකම් මෙසේ කියයි

Next Post

මහනුවර උසස් බාලිකා සිසුවිය කහ ඉරමත මරා අවුරුදු 3 1/2යි..

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.