බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිගරැට් බද්ද අන්තර්කාලීන අයවැයෙන් නිවැරදි වෙයි ද? – සිගරැට්ටුවකින් තීරණය වන ආණ්ඩුවේ අවංකකම!

by editor
ජූනි 13, 2022
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

සති හයක් ඇතුළත තම රජය අන්තර් කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීවේය. ඒ පසුගිය 25 දාය.

අග්‍රාමාත්‍යවරයා එම අන්තර්කාලීන අයවැය සහන  අය-වැයක් ලෙස ඉදිරිපත් කරන බව කීවේය.   එමගින් යටිතල පහසුකම්  සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල් වසර දෙකක සහන වැඩසටහනක් සඳහා යොමු කරන බව ද සඳහන් කළේය.

මේ මොහොත වනවිට කණගාටුදායක ලෙස රට බංකොලොත්ය. වෙන් කර ඇති මූල්‍ය සංචිත සහන අය වැය වෙනුවෙන් යොදා ගැනීම අභිලාෂය වුවද රටේ රුපියල් ද නැත. සල්ලි අච්චු ගැසීමේ සීමාව ද ඉක්ම ගොස්ය.

ජෝන් හොප්කින්ස්  සරසවියේ  මහාචාර්ය ස්ටීව් හන්ක්  සති පතා නිකුත් කරන ලෝක සම්භාවනාවට ලක් වූ  උද්ධමන වගුවේ  අලුත්ම ප්‍රකාශනය අනුව  ලෝකයේ උද්ධමනය ඉහළම තුන්වන රට ශ්‍රී ලංකාවය.  ඝානාව, සිරියාව මෙන්ම සුඩානයේ ජීවිතය අපට වඩා පහසුය.  අගමැතිවරයා නව අන්තර්කාලීන අයවැයක් ගෙනෙන්නේ මේ ආකාරයේ පසුබිමකය. රටේ හාල් ඇටයේ  සිට ලුණු පුපුර දක්වා සියයට දෙසීයකින් මිල වැඩිවීම් ඇති පසුබිමකය. හාල් කිලෝවක් සඳහා මිනිසුන්ට පෝලිමේ ඉන්නට සිදුවන බවට ඉඟි පළවෙමින් ඇති පරිසරයකය.

රට මේ තරම් අගාධයට වැටෙන්නේ  රට ස්ථාවරව ගොඩ නැන්වීමේ සාර පදනමක් නිර්මාණය කළ හැකි ක්ෂේත්‍රවල බදු අශිෂ්ට ලෙස සඟවා තැබෙන අතරය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඒ අතර  රුපියල් බිලියන 23කට වඩා වැඩි බදු ආදායමක් පාවා දී  තිබේ. දුම්කොල සමාගම ඒ මහා ජාතික ධනය මේ රටේ ආර්ථිකය මෙහෙයන තුච්ඡ රාජ්‍ය නිලධාරීන් මෙන්ම පජාත දේශපාලකයින්ට මිලක් නියම කර මග හැර  ගිය අයුරු රට පසුගිය අයවැයෙන් දැක්කේය.

මේ සටහන නව අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන්නේ නම් මේ මග හැර ගිය ජාතික ධනය අය කරගැනීමේ තීරණාත්මක අවශ්‍යතාවය මේ අලුත් රජයට අවධාරණය කිරීම සඳහාය.

සිගරැට් බදු කෙළිය 

මේ අශිෂ්ටත්වය තීරණාත්මකව  ප්‍රකාශ කළේ මේ රටේ අවසන් වරට අය වැයක් ඉදිරිපත් කළ එවකට මුදල් ඇමති බැසිල් රාජපක්ෂය. වර්ෂ 2022 අයවැය ප්‍රකාශයට පත් කරමින්  2021.11.12 දින   ඔහු   සිගරට්ටුවක මිල    රුපියල් 05කින් වැඩි කළේය. ආණ්ඩු පක්ෂයේ හිටි අන්ධභූතයින් මේසයට තට්ටු කරමින් සිය ප්‍රසාදය පල කළහ. එහෙත් එදා ඒ ප්‍රකාශය හරහා ඔහු වළලා දැමූ ජාතික ධනය සම්බන්ධව හෙළි වන්නේ අනතුරුව සිදුවන විශ්ලේෂණ වලදීය.

සිගරට්ටුවකින් අය කරන බද්ද රුපියල් පහකින් වැඩි කිරීම වෙනුවට සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කිරීමෙන් රුපියල් බිලියන 5කට අසන්න අතිරේක ලාබයක්  දුම්කොල සමාගමට එකතු වෙද්දී රාජ්‍ය ආදායමට රුපියල් බිලියන 5.5ක් රටට පමණ අහිමි වන තත්ත්වයක් නිර්මාණය  වූයේය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳීම වෙනුවෙන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC)  අයවැයට පෙර යෝජනා කළේ සිගරට්ටුවක් සඳහා අය කරන බද්ද  රුපියල් 10කින් ඉහළ දැමීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 23ක මුදලක් භාණ්ඩාගාරයට  එකතු කර ගත හැකි බවය.

ඒ බව  පුන පුනා පෙන්වා දී තිබියදීත් සිදුවූයේ   සිගරට්ටුවක මිල වැඩි කිරීම සහ ඊට අදාළ නිර්දේශිත බදු සූත්‍රය හරහා සමාගම්වලට තවදුරටත් තරවීමට අවශ්‍ය “නිර්මාණශීලී“ යාන්ත්‍රණයක් සැකසීමය.

සිගරැට් කොම්පැණි පෝසත් කළ නිර්මාණශීලී යාන්ත්‍රණය –

මෙම යාන්ත්‍රණයට අනුව වැඩිවන්නේ සිගරට්ටුවේ මිල මිස බද්ද නොවේ. මේ වැඩිවන මිල මත අය වන බද්ද ගණනය කිරීමේදී එයින් රජයට යන්නේ සියයට 49කි. සියයට 51ක්ම යන්නේ බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගමට සියයට 80කට වඩා හිමිකාරීත්වයක් ඇති ලංකා දුම්කොල සමාගමටය.

සාමාන්‍යයෙන් මෙරට වර්තමාන වාර්ෂික සිගරට් පරිභෝජනය බිලියන 2.3කි. වැඩිවන රුපියල් 5 මත මෙම කර්මාන්තයට අතිරේකව එකතු වන රුපියල් බිලියන 11.5කින් සියයට 51ක් යළිත් දුම්කොළ සමාගමේ ලාබයට එකු වෙයි.

ඒ අනුව ආණ්ඩුවේ භාණ්ඩාගාරයට යන්නේ බිලියන 5.5කට ආසන්න මුදලකි. මෙය සිදුවන්නේ අඩුම තරමින් බිලියන 11ක් රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් යැවීමේ පැහැදිළි මාර්ගයක් තිබියදීය.

සිගරට් සමාගම් රටට බදු උපදවා දෙන බවට පෙන්වා දෙන ඉලක්කම් තුළ සැඟවුන සැඟවුන මාරකයක් තිබේ. ඒ දුම්කොල වගාවෙන් පස මැරී යෑමේ සිට දුම්බොන්නන්  සෞඛ්‍ය සේවයට අධික මිලක් වැය කර පිළිකා ඇතුළු ශ්වසන රෝගවලින් මිය යෑම දක්වා පරාසයක පැතිරී යයි. ලෝකයේම මැදහත් නිර්වචන ප්‍රකාරව දුම්කොල කර්මාන්තයම සමාජ ආර්ථික දේහයට පිළිකාවකි.

ලෝකයේ දුම්වැටි භාවිතය පුද්ගලයින් අතර අධෛර්යවත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය උත්සුක වන්නේ එබැවිනි.  ඒ සඳහා යොදා ගත හැකි  බලවත්ම උපකරණය ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානය   දකින්නේ සිගරට්ටුවක් සඳහා අය කරන  බදු මුදල් වැඩි කිරීම ය.  එය මෙතෙක් ලෝකයේ සාර්ථක වී ඇති විකල්පයකි. අනෙක් අතට රාජ්‍ය භාණ්ඩාගාර පිරවීමට එය හේතුවකි.

එවැනි පසුබිමක්  තිබියදී මුදල් අමාත්‍යංශය  නිලධාරීන් මුල්ව මෙම මිල ක්‍රමය සාදා ඇත්තේ රජයට වගේම දුම්කොළ සමාගම්වලටද වාසි සැලසීමේ අරමුණින් වීම මේ වනවිට දැඩි කතා බහට ලක්ව ඇත.

බැසිල්ට යකා නැග්ග පාර්ලිමේන්තුවේ  ප්‍රශ්න කිරීම

මේ පිළිබඳව මුලින්ම රටේ අවධානයට එය ලක් කළේ සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණය. ඔහු  පසුගියදා අයවැය විවාදයේ මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී  මේ කතාව ඇවිස්සුවේය. එයට මුදල් ඇමති බැසිල් රාජපක්ෂටද යකා නැංගේය. බුද්ධික පතිරණ   පෙන්වා දුන්නේ ශ්‍රි ලංකාවේ සිගරට්වල බදු නිර්ණය කිරීමේදී එහි දිග පිළිබඳව සලකා බැලෙන බවත් ඒ අනුව දිග මිලි මීටර 60, 68, 75 සහ 85 යන කාණ්ඩ හතරක් යටතේ බදු අය කිරීම් සිදු කරනු ලබන බවත්ය.

මෙවර අයවැයට අනුව සෙසු සිගරට් මිල වැඩිවෙද්දී  මිලි මීටර 60 අඩු සිගරට් එනම් ෆිල්ටරයක් රහිත දුම්වැටි වල බදු 50% පමණ අඩු වූයේය.  මන්ත්‍රිවරයා එහිදී චෝදනා කළේ මෙයින් සිගරට් සමාගම්වලට වාසිදායක ලෙස රජය මෙම බදු සංශෝධනය කර ඇති බවකි. මෙම සිගරට්ටුවේ නව මිල රුපියල් 10කි.

ඔහු එහිදී සඳහන් කළේ මෙම තත්ත්වයට  හේතුව රටේ අඩු ආදායම් ලාභී සැලකිය යුතු පිරිසක් මෙම ෆිල්ටරය රහිත දුම්වැටිය භාවිත කරන අතර මිල වැඩි කිරීමත් මඟ තවත් පාරිභෝගිකයන් පිරිසක්ද ඊට ඇතුළු වන්නට සිටින නිසාය. මේ නිසා බදු එකතු වෙද්දී සිගරට් සමාගම්වලටද ඊට සාපේක්ෂව ආදායම් වැඩි වන තැනට කටයුතු  යෙදුනේය.

දුම්කොල සමාගමේ ආයෝජන

ලෝකයේ දුම්කොළ සමාගම් වැඩිම ආදායමක් ලබා ගැනීම සඳහා ආයෝජනය කරන්නේ දුප්පත් රටවලය. ඊට හේතුව ලෙස බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා එදා පාර්ලිමේන්තුවේ දී  පෙන්වා දුන්නේ  දියුණු රටවල දුම්පානය සීඝ්‍ර ලෙස පහළ වැටි ඇති නිසාය.

ශ්‍රි ලංකාවේ තත්ත්වයද මෙම ලෝක තත්ත්වයට ලොකු වෙනසක් නැත.   පසුගිය වසර 10ක කාලය තුළ ශ්‍රි ලංකාවේද සිගරට් අලෙවිය සියයට 50කින් පමණ පහත වැටී ඇති බව ADIC ආයතනය සිය දත්ත ප්‍රකාරව පෙනවා දෙන්නේය. ඔවුන්ට අහිමි වන ලාභය රඳවා ගැනීම සඳහා ඔවුන්ගේ විකල්පය නව යොවුන් වියේ දරුවන් සහ දුප්පත් ජන කොටස් වැඩි වැඩියෙන් මිල අඩු විකල්ප සමඟ දුම්පානයට පෙළඹවීමය.

අත්තනෝමතික තීන්දු

වාර්තාවන පරිදි පසුගිය අයවැයෙන් සිගරට්ටුවේ මිල සංශෝධනය වීම පිළිබඳව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියටය හෝ දැනගෙන සිට නැත.    පෙනී ගොස් ඇත්තේ මේ ජාතිය අබ්බගාත කළ තීන්දුව   හුදෙක් මුදල් අමාත්‍යංශය මූලික වූ නිලධාරීන් කිහිප දෙනකුගේ වුවමනාවට සිදුවූ දෙයක් බවය.

රටට අලුත් ආණ්ඩුවක් පත්වන්නේ අහම්බයකින් නොවේ. චප්ප චපර වී ගිය පුරවැසි ප්‍රාර්ථනාවල අලු දූවිලි වලිනි. පසුගිය ආණ්ඩුවල දූෂිතයින් කළ අශිෂ්ට හොරකම්, ඒ අයුරින් පවත්වා ගැනීමේ කිසිම සදාචාරාත්මක අයිතියක් මේ ආණ්ඩුවට නැත. නව අයවැයක් ඉදිරිපත් වන්නේ නම් ඒ ආණ්ඩුවල බදු හොරුන් සඟවා තැබූ බදු විවර කරගෙන අය කරගත යුතුය.  සිගරැට් බද්දෙන් එය පටන් ගත හැකිය. එය තවදුරටත් සඟවා තැබිය යුතු නැති, තවදුරටත් දේශපාලකයින් කීප දෙනෙකුට සහ රාජ්‍ය නිලධාරීන් පිරිසකට කළු සල්ලි ගලා එන උල්පතක් කළ යුතු නැත.

සිගරැට් බද්ද සංශෝධනය විය යුතු ආකාරය සම්බන්ධව සාධනීය යෝජනා ගිය අයවැයටත් ඉදිරිපත් වී තිබිණි.  දැන් සඟවා තැබූ එම යෝජනා එළියට ගත හැකිය. මුදල් ඇමති වූ අගමැති තුමා මොනතරම් රටට අවංකද යන්න තීරණය කරන නිර්ණායකය සිගරට්ටුවක් වීම එක් අතකට  දෛවෝපගතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

Next Post

අගමැති ඇමරිකානු රාජ්‍ය ලේකම් සමග සංවාදයක…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.