බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තිමේ දි දිනුවා… තුන්වන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයක්

by editor
ජූනි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අවසානයේ දී ප්‍රාර්ථනා කළ ජයග්‍රහණය අත්පත් කරගත්තේය. ඒ බිඳවැටීම් අටෝරාශික් මැදය.

තියුණු තරඟයකින් අනතුරුව ඕස්ට්‍රේලියාව සමඟ පැවති 03 වන T20 තරගයෙන් කඩුළු 04ක් ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේය.

තරගය පැවැත්වුනේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දීය.

කාසියේ වාසිය දිනුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමය.  නායක ආරොන් ෆින්ච්  මුලින්ම පිතිකරණය තේරුවේය.  ආරම්භක පිතිකරුවන් වන ඩේවිඩ් වොර්නර්  ලකුණු 39ක් සහ ආරොන් ෆින්ච් ලකුණු 29ක් ලැබූහ. ස්ටීවන් ස්මිත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින්  පන්දු 27ක දී නොදැවී ලකුණු 37ක්  ලැබීය. කඩුළු රකින ක්‍රීඩක මකස් ස්ටොනික්  පන්දු 23ක දී ලකුණු 38ක් රැස් කළේය.  පන්ද ඕව 20 අවසානයේ දී  ලකුණු 136ක තියුණු ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබිනි. පනුදු යැවීමේ දී  ආබාධයට ලක් වූ බවකී නමුත් යළිත් කණ්ඩායමට කැඳවූ මතීෂ තීක්ෂණ  පන්දු ඕවර 04ක් යවා ලකුණු 25කට කඩුළු 02ක් ලැබීය. වනිඳු හසරංග සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු යුවල වේගවත් ප්‍රහාරයක් ආරම්භ කළහ.  ධනුෂ්ක ගුණතිලක එක් හයේ පරහක් හා හතරේ පහරක් සමගින් පන්දු 12ක දී ලකුණු 15ක් ලැබුවේය.  සීමාව අසලදී  අසීරු උඩපන්දුවක් රැකගත්  හෙසල්වුඩ්  ඔහුගේ ඉනිම නිමා කළේය.  චරිත් අසලංක වේගවත් ලකුණු 26ක් රැස් කළේය. පැතුම් නිශ්ශංක පන්දු 25ක දී ලකුණු 27ක් ද භාණුක රාජපක්ෂ පන්දු 13ක දී ලකුණු 17ක් ලැබුවේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

භාණුකගේ දැවී යෑමෙන් පසු පිටිය මැද අසරණ ක්‍රීඩා විලාශයක් පෙන්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 6කට පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී ම නිසා දැවී යත්ම තරගය මුලුමනින්ම  ඔස්ට්‍රේලියානුවන් අතට පත්වනු පෙනුනි. ඕවර 13.5ක දී ලකුණු 98ට 05වන කඩුල්ල දැවී ගිය විට පන්දු 37ක දී ලකුණු 79ක ඉලක්කයක් ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි විය.

එම ජයග්‍රහණය ඔස්ට්‍රේලියානුවන් සතු එකක් බව සියල්ලන්ම විශ්වාස කළේ වනිඳු හසරංග පන්දු 07කට මුහුණ දී ලකුණු 08කට දැවී යෑමත් සමගය . ඒ වනවිට පන්දු ඕවර 15.4කි.  ලකුණු පුවරුව 108කි.  පන්සු 26ක දී ලකුණු 69ක් ලබා ගත යුතුය.  චාමික කරුණාරත්න පිටියට පැමිණ නායක දසුන් ශානකට එකතු වුනේය.

පෞරුෂය  සහිත සටන්කාමීත්වයත්, ආත්ම විශ්වාසයත් සහිත නායකයෙකුට මහා කුණාටු මැද කණ්ඩායමක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි බව දසුන් ශානක පෙන්නුවේය.  අනතුරුව ඇරඹුනේ ගිනි කෙළි සංදර්ශනයකි. නුවර නරඹන්නෝ  භාග්‍යවන්තයෝ වූහ.  එය එවැනිම ඉනිමකි.

පන්දු 25ක දී  ලකුණු 54ක්.. හතරේ පහර 05ක්.  හයේ පහර 04ක්…  නොදැවී ඉඳිමින් තරය ජයග්‍රහණය කළ දසුන් ශානක නායකයෙක් යනු කවරෙක් විය හැකිදැයි  රටට කියා දුන්නේය. ඔහු මේ වගකීම් සහගත ඉනිම ක්‍රීඩා කරන්නේ  කණ්ඩායම ලජ්ජා සහගත පරාජයන් දෙකක් සහිතව මානසිකව බිඳවැටී සිටියදී ය.

අනෙක් අන්තයේ සිට විශිෂ්ට සහයක් නායකයාට ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 10ක දී ලකුණු 14ක් ලැබීය.  ඒ හතරේ පහර 02ක් සමගිනි.

බාලපොරොත්තු ගිලිහී ගිය රටට ජයග්‍රහණය පිළිබඳ කතාවක්  කියන්නට දසුන් ට හැකි විය.

තරඟාවලියේ ජය 2-1ක් ලෙස ඕස්ට්‍රෙලියානුවන් සතු විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්ත දූෂිතයෙක් පැන්නුවාම ඒ වෙනුවට බදු වංචාකරයෙක් පාර්ලිමේන්තුවට ගෙනත්…

Next Post

විදුලි බල මණ්ඩලයේ සභාපතිගේ කෝප් කමිටු කතාවට ජනපතිගෙන් තියුණු ප්‍රතිචාරයක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.