ශිරෝමි සමරකෝන් – දිගන-
ජාතික ආරක්ෂාව තහවුරු කිරිම සඳහා පොලිස් නිලධාරීන් විසින් පුහුණු කරන ලද විශේෂ සුනඛයින් පිරිසක් අද උදේ (15) වෙන්දේසියේ දමා විකුණනු ලැබුවේය.

වෙන්දේසි කළ පොලිස් සුනඛයින් පොලිස් නිලධාරීන් සමග

මෙම වෙන්දේසිය සංවිධානය කර තිබුණේ මහ නුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ ඒකකය මගිනි. විදෙස් රටවලින් ගෙන්වා පුහුණු කරන ලද මෙම සුනඛයින් වෙන්දේසියෙන් මිල දී ගැනීම සඳහා විශාල පිරිසක් අද අස්ගිරිය නිල සුනඛ ඒකක භූමිය වෙත පැමිණ සිටියහ.

විකුණන ලද මේ සුනඛයින් අතර අප රටේ විවිධ ප්‍රදේශවල සිදුවුනු බිහිසුණු අපරාධ රැසක් අල්ලා ගැනීමට කැප වුණු, පොලිසියට මහත් කීර්තියක් අත් කරදුන් සුනඛයින් ද වීම විශේෂත්වයක් විය.
අද වෙන්දේසි දමා විකුනා දමන මේ සුනඛයිගෙන් රටට සිදු වුනු සේවය පිළිබඳ සලකා වත් උන් රැක බලා ගැනීමට අපට නොහැකි වීම විලි ලජ්ජාවට කාරණාවක් බවත්, මෙවැනි ලාභ හැසිරීම් පිළිකුලින් යුතුව හෙළා දැකිය යුතු බවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් බෝධිරාජ පදනමේ නිර්මාතෘ පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ලංකාසරට පැවසූහ.








