ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කිරීමට ලබාදුන් කාලය ඊයේ (14) වනවිට අවසන් විට එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය එක බැගින් ලැබුණු සිය මන්ත්‍රී ධුර නම් කර එවීමට අපොහොසත් වී ඇති බවත්, පාර්ලිමේන්තුව ආරම්භවන ලබන 20දා තෙක් එම නම් ගැසට් මගින් ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් අදාල පක්ෂ දෙකට අයත් මන්ත්‍රී ධුර පුරප්පාඩුකොට තබා පාර්ලිමේන්තු කටයුතු සිදුකරන බවත් මැතිවරණ කොමිසම පවසයි.
එජාපයේ මෙන්ම අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටුම තවමත් විසඳෙන මට්ටමක් නැති බවත්, අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය වෙනුවෙන් අතුරලියෙ තරන හිමියන් අධිකරණය වෙත යෑමට සූදානමින් සිටින බවත් ලංකාසර මීට පෙර වාර්තා කළේය.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂයේ ලේකම්වරුන් යැයි පවසන දෙදෙනෙකු මේ වනවිටත් මැතිවරණ කොමිසමට ලිපි දෙකක් යොමු කිරීම හේතුවෙන් ඒ සම්බන්ධව නීතිපති විමසූ මැතිවරණ කොමිසමට උපදෙස් දී තිබුණේ අපේ ජන බල පක්ෂයේ නීත්‍යානුකූල ලේකම්ගේ සහ මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරයා ලෙස සළකන පුද්ගලයාගේ නාම යෝජනාව භාරගන්නා ලෙසය.
මෙවර මැතිවරණයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 29න් 27ක් මේ වනවිටත් සම්පූර්ණ කර ඇති අතර ඉන් 19ක් ගැසට් මගින්ද ප්‍රකාශයට පත් කර හමාරය.







