පසුගියදා බැස්ටියන් මාවතේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආසන්නයේ දී හිටපු කමාන්ඩෝ සෙබළකු ඝාතනයට ලක් කරමින් සහ කරමින් තිදෙනෙකු වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරය හා ඊයේ අලුත්ගමදී තැඹිලි ව්‍යාපාරිකයෙකු ඝාතනය කරමින් එල්ල වූ වෙඩි ප්‍රහාරය අතර සම්බන්ධයක් ඇති බවට සැකයක් මතු වී තිබේ.ඒ අනුව මෙම තැඹිලි ව්‍යාපාරිකයාගේ ඥාතියකු ඉලක්ක කර වැරදීමකින් මෙම සෙබලුන්ට වෙඩි තැබුවේද යන්න ඔස්සේ මේ වනවිට විමර්ශණ ආරම්භ වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙසේ අලුත්ගම දී ඝාතනය වන තැඹිලි ව්‍යාපාරිකයා බේරුවල ප්‍රෙදශයේ පදිංචිකරුවකු වන අතර බෝට්ටු මගින් ගොස් මත්කුඩු ඡාවාරමකට සම්බන්ධ වූ පුද්ගලයකු බවත් 2020 වසරේදී මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිටි බවට හෙළි වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධ නඩුවේ මෙම තැඹිලි ව්‍යාපාරිකයාද පුබල රජයේ සාක්ෂිකරුවකු ලෙස ක්‍රියා කරන බව ද හෙළි කරගෙන ඇත.
අත්අඩංගුවට පත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පකිස්තානයේ සිට මෙරටට රැගෙන එන අවස්ථාවේදී ඒවා අත්අඩංගුවට ගෙන කොටසක් ඉදිරිත් කොට ඉතිරි කොටස විකුණා ඇති බවට වූ හෙළිදරව්ව සමඟ අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී මත්කුඩු තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඒවායින් කොටසක් පමණක් ඉදිරිපත්කර ඉතිරි කොටස අලෙවිකරගෙන ඇති බවට තොරතුරුද අනාවරණය විය.
පකිස්තානයේ සිට රැගෙන පැමිණි එම මත්කුඩු තොගය බෝට්ටු මගින් ගොඩබිමට රැගෙන ඒමට සම්බන්ධ වූවන් අතර තැඹිලි ව්‍යාපාරිකයාද සිට ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීමට ඔහු හසුවී නැති අතර මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී ඔහු ගැන තොරතුරු අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවට ගැනීමක් කර තිබේ. එදා ඔහු මත්කුඩු ගොඩබිමට බෝට්ටු මඟින් රැගෙන පැමිණි කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙක් පසුව රජයේ සාක්ෂිකරුවන් කර තිබුණි. එම සාක්ෂිකරුවන් අතර තැඹිලි ව්‍යාපාරිකයාද ඔහුගේ මස්සිනාද සිටී. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධ එම නඩුවේ ප්‍රබල සාක්ෂිකරුවන් බවට පත්ව සිටින්නේ ඔවුන් වන අතර එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ ප්රබලතම සාධකයන් බවටද ඔවුන් පත්ව සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
එදා බැස්ටියන් මාවතේදී ටී 56 අවියකින් හිටපු කමාන්ඩෝ සෙබලුන්ට වෙඩි තබන්නේ ඊයේ ඝාතනය වූ තැඹිලි වෙළෙන්දාගේ මස්සිනා බව සිතා බවට මේ වන විට ප්‍රබල සැකයක් මතුව තිබේ. එම වෙඩි තැබීම සිදුවූ දින තැඹිලි වෙළන්දාගේ මස්සිනා අලුත්කඩේ අධිකරණයේ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සඳහා ඉදිරිපත්වීමට නියමිතව තිබී ඇත. එහෙත් ඔහු එම නඩුවට පෙනී සිටීමට පැමිණ නැති බවද කියති. බැසිටියන් මාවතේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය වූ කමාන්ඩෝ සෙබලා සහ තැඹිලි වෙළෙන්දාගේ මස්සිනා රූපයෙන් හා හැඩරුවෙන් එක හා සමාන බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. කමාන්ඩෝ සෙබලාද සිය මිතුරන් දෙදෙනා සමඟ අලුත් කඩේ අධිරණයේ විභාගවූ නඩුවකට පෙනී සිට පැමිණ ඇති බැවින් තැඹිලි වෙළෙන්දාගේ මස්සිනා බවට වැරදීමකින් කමාන්ඩෝ සෙබලා ඉලක්කර වෙඩි තබා ඇති බව පොලීසිය සැකකරයි.
වෙඩි තැබූ පුද්ගලයා දක්ෂ වෙඩික්කරුවෙක් බව පෙනී යන බවත් යතුරු පැදියේ ගමන් කරමින් ටී 56 අවියෙන් ඔහු නිවැරදි ඉලක්කය ගෙන ඇති බවත් පෙනී යන බව විමර්ශන හා සම්බන්ධව සිටින උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.







