අටළුගම ප්‍රදේශයේ අහිංසක දැරිය ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය.
My heartfelt condolences & deepest sympathies to the family of little Fatima Ayesha who was senselessly killed. I pledge to expedite swift action & justice to her family for this vicious crime.
— Gotabaya Rajapaksa (@GotabayaR) May 28, 2022
“අඥාන ලෙස ඝාතනය කරන ලද කුඩා ෆාතිමා අයේෂාගේ පවුලට මගේ හෘදයාංගම ශෝකය සහ ගැඹුරු සංවේගය පලකරමි. මෙම දරුණු අපරාධය සම්බන්ධයෙන් ඇයගේ පවුලට ඉක්මනින් යුක්තිය ඉටු කිරීමට මම පොරොන්දු වෙමි. ජනාධිපතිවරයා අද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේය.
9 හැවිරිදි අයේෂා ඊයේ උදෑසන සිට අතුරුදන්ව සිටි අතර, අද පෙරවරුවේ ඇයගේ නිවස අසල වගුරු බිමක තිබී ඇයගේ මළ සිරුර සොයා ගනු ලැබුවේය.
දැරිය වෙනත් ස්ථානයකදී ඝාතනය කර මළ සිරුර එම ස්ථානයට ගෙනවිත් ඇති බවට විශ්වාස කරන බව පොලිසිය පැවසුවේය.