හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 19 වැනි ව්‍යවස්ථාවේ ඇතුළත් කොමිෂන් සභවලට අමතරව තවත් කොමිෂන් සභා දෙකක් හඳුන්වා දී ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කරයි.
එම කොමිෂන් සභා දෙක වන්නේ ‘විගණන සේවා කොමිසම හා ප්‍රසම්පාදන කොමිසමයි.’
මෙම කොමිසම් මඟින් රාජ්‍ය අංශයේ සිදුවන අල්ලස් ගැනීම හා දූෂණ වංචා වැළැක්වීම අවශ්‍ය ප්‍රතිපාදන සම්පදානය කෙරෙනු ඇත.
නව ව්‍යවස්ථාව සංශෝධනය මගින් මහබැංකු අධිපතිවරයා පත් කිරීමේ බලය පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවට පවරා ඇති අතර ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු නියෝජනය තහනම් කර ඇතැයි අමාත්‍යවරයා කියයි.
එලෙසම මෙහි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා වැඩි ප්රජාතන්ත්රවාදී ලක්ෂණ එහි අඩංගු වේ යැයි පැවසේ.
මෙම නව ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, නිමල් සිරිපාල ද සිල්වා, නීතිපති, නීති කෙටුම්ත් සම්පාදක සහ තවත් නීතීඥවරුන් කිහිප දෙනෙකු සහභාගී වී තිබේ.







